Category: ප්‍රවෘත්ති

චීනයේ ණය සහතිකය මුල්‍ය අරමුදල පිළිගනී ; සියල්ල සපුරා ඇති බව දන්වයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය ඊයේ දුන් ලිඛිත සහතිකය පිළිගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන්ගේ සියලු සහතික ලැබී ඇති බව අද දන්වා තිබේ.

අද දින මුල්‍ය අරමුදල ඒවා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 1 දා දෙපාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ සියලු කොන්දේසි මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි. කියවන්න...

අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සුදානමින්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය මෙරටට බිලියන තුනක මුදලක් දීමට එකඟ වී ඇති බව යි. කියවන්න...

රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත. කියවන්න...

රුපියල නවත්තන්න මහ බැංකුව ඩොලර් මිලියන 300 මිලට ගනී ; බඩු මිල අඩුවන බවත් කියයි

රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි.

එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ, විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇත. ඒ අනුව මහ බැංකුව සතු ඩොලර් සංචිත ද ඉහල ගොස් තිබේ. කියවන්න...

රුපියල තව නගී ; ඩොලරය රුපියල් 334 යි.

ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමත් වෙමින් ඩොලරයට රුපියල් 334 කට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වාර්තා වුයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් සහ විකුණුම් මිල රුපියල් 338.03 ක් ලෙස ය.

බදු ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි – IMF ප්‍රකාශයක්

බදු ප්‍රතිපත්තිය ගැන IMF ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.

එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය. කියවන්න...

රුපියල තවත් ඉහළට ; ඩොලරය රුපියල් 346 ට බහී

අද උදේ වනවිට රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 346 ක් විකුණුම් අගයක් සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා සටහන් කරයි.

ඊයේ සවස විනිමය ගනුදෙනු සිදුවුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 353.46 – 353.50 අතර අගයක ය. මහ බැංකුව ඊයේ නියම කර තිබු අගය 358 කි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ.

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කාලෝචිත , විධිමත් ක්‍රමයක් අවශ්‍යයි – මුල්‍ය අරමුලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලෝචිත සහ විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ණය හිමි රටවල් පොදු එකඟත්වයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය දින කිහිපයේ පැවති ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව එතුමිය මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ. කියවන්න...

ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරන්න සියල්ල සූදානම් ; ජාත්‍යන්තර ආයතන රැසක සහය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර  ‍‍සංවර්ධන නියෝජිත ආයතනවල හමුවක් පැවැත්විණි .

එම ආයතනවලින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ලබා ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් සිදු කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කර ගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන සිදු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ඉල්ලා සිටි අතර එම ආයතන විසින් කණ්ඩායමක් ලෙස බෙදා ගනිමින් එම සහය ලබා දීමට එකඟතාවය පළ කළේය. කියවන්න...