අපනයන ඉපැයීම් ඉහළට

වසරක් තුළ ප්‍රථම වතාවට මෙරට අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ඉක්මවා 2022 වසරේදී වාර්තාවී ඇති බව මහ බැංකුව පවසයි.
එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9%ක වැඩිවීමකි.
ආර්ථීකය සරලව
වසරක් තුළ ප්‍රථම වතාවට මෙරට අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ඉක්මවා 2022 වසරේදී වාර්තාවී ඇති බව මහ බැංකුව පවසයි.
එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9%ක වැඩිවීමකි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය.
2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය මෙයයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එයට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.
ශ්‍රී ලංකාවේ ඉහළම ව්‍යාපාරික මණ්ඩලය පැවසුවේ 2023 දී සියයට 2 ක් දක්වා ආර්ථික හැකිලීමක් අපේක්ෂා කරන බවත්, එය ජාත්‍යන්තර නියෝජිතායතන විසින් පුරෝකථනය කරන ලද ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු විය හැකි බවත්ය.
“ජාත්‍යන්තර ආයතනවලට අනුව 2023 පුරෝකථනය තරමක් සෘණාත්මක ය” යනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන බව කියන්නට හිටපු ඇමති චම්පික රණවක මහතා යොදාගත් ගැන හිලව් වලංගු වන්නේ දිනකට පය දෙක හමාරක් විදුලිය කපු කාලයකට බවත්, එලෙස ම විදුලිය කපන්නේ නම් විදුලි ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.
චන්පික රණවක මහතා පසුගියදා කීවේ පසුගිය සැප්තැම්බර් , ඔක්තෝබර්, නොවැම්බර් මස තුනේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 108 ක් ආදායම් ලබා ඇති බව සහ වියදම ද බිලියන 108 ක් වූ බවයි. මුල්‍ය වියදම් අත් හැරියහොත් මණ්ඩලය ලැබ බව කී ඒ මහතා එම කාලයේ මෙම වියදම පාලනය කළේ පය දෙක හමාරක් විදුලිය කපමින් බව ප්‍රකාශ කළේ නැත. එමෙන් ම එම මාස තුනේ වැඩි වශයෙන් වැස්ස ලැබීම ද එම තත්ත්වයට හේතු වූ බව රණවක මහතා කීවේ නැත.
මීටත් වඩා බදු බරක් ජනතාව මත පැටවීමට IMF සංවිධානය උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාවගේ තත්ත්වය තේරුම් ගෙන බව ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග වත්මන් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදී, යෝජිත බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව ඉතාමත් අසීරු තත්වයකට මුහුණ පා ඇති බැවින් එය නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේවැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකය පෙන්වා දී ඇත.
ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ.එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 45.62 කින් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, සියලු ද්වි පාර්ශවික ණය හිමියන්ට සමානව සැලකීම, ණය කපා හැරීමක් ඉල්ලා නොසිටීම සහ ශ්‍රී ලංකාව ණය නොගෙවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ලැබුණු ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම තම ප්‍රධාන ප්‍රතිපත්ති තුන වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
තමන් ඉල්ලා සිටියේ ණය ගෙවීමට වැඩි කාලයක් සහ පොලී සඳහා සහනයක් බව ද ඒ මහතා කියයි.
ඊයේ (2022 ජනවාරි 24) පැවති රැස්වීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.