ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සුදානම් – චීන අගමැති මුල්‍ය අරමුදලේ ප්‍රධානීට කියයි

තුන්වන ලෝකයේ රටවල ණය පරතිව්යුහගතකිරීමේ ක්‍රියාවලියකට චීනය එකඟ බව චීන අගමැති ලී කෙචාන්ග් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියා මහත්මියට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. චීන අගමැතිවරයා පවසා ඇත්තේ ජී 20 කණ්ඩායමේ සාමාජිකයින් සමග එක්ව සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට තමන් එකඟ වන බව යි. චීන අගමැති ලී කෙචාන්ග් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ඊයේ (08) හමුවී කළ සාකච්ඡාවේ දී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ . එහි දී සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද ප්‍රතිඥා දී තිබේ.
චීන රජයෙන්එ කළ ආරාධනයක්ම අනුව මෙම හමුව චීනයේදී සිදුව තිබුණි.