ආර්ථීකය සරලව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය එලඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
“CT- CLSA දකුණු අසියානු ආයෝජන සමුළුව” අමතමින් ඔහු ප්‍රකාශ කළේ දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලාංකික වැඩසටහනක් බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ බැංකු පොලී අනුපාතික ඉදිරි දිනවල පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොදගේ මහතා ප්‍රකාශ කරයි.
තැන්පතු සඳහා බැංකු අතර තරඟ කිරීම නවත්වන ලෙස මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා බැංකුවලට පසුගිය දා උපදෙස් දීමෙන් මේ බව පැහැදිලි වන බව ඒ මහතා පෙන්වා දෙයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය.
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි.
ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහෙත් යම් හෙයකින් එය ප්‍රමාද වුව ද, දන තිබෙන මුදල් තත්ත්වය යටතේ අරතිකය කළමනාකරණය කරගත හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
යම් හෙයකින් මෙම අනුමැතිය ලබා ගැනීමේ දෙසැම්බර් ඉලක්කය සපුරා ගත නොහැකි වුවහොත් , ජනවාරි මාසයේ එය කරගත හැකි බවත්, මාර් තු වන තෙක් සිටිය යුතු බවට පලවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ඒ මහතා කියයි.
බැංකු වලින්කු ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට මූලික වනු ඇති බව ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය (CCC) ඊයේ (202211.15 ) ප්‍රකාශ කළේ 2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා කාලෝචිත ආකාරයකින් ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට යාහැකි වන බවයි.
පසුගිය කාලයේ ආනයනය සීමා කර තිබු භාණ්ඩ රැසක සෙස් බදු ඉහළ දමා ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ බදු වැඩි කිරීමත් සමග ආනයනයට තිබු සීමා ඉවත්වනු ඇති බවයි.
මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ යෝජනා අනුව මෙම බදු වැඩි කිරීම ඊයේ සිට ක්‍රියාත්මක කොට තිබේ.