ශ්‍රී ලංකාවට මූල්‍ය සුරක්ෂිතතාවය පිලිබඳ ණයහිමියන්ගේ සහතිකය කඩිනමින් ලබාදීම අවශ්‍යයි – ජී 20 රාජ්‍ය නායකයෝ කියති
චීන ජනාධිපති ෂී ජින්පින් , ඉන්දියාවේ මෝදී , ඇමෙරිකාවේ බයිඩන් සහභාගී වෙති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉදිරි මූල්‍ය සුරක්ෂිතතාවය පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් සහතිකයක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා දීම අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි
ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති හෙයින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවය.