Category: ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට

මාස කිහිපයක දී බැංකු පොලියත් පහළට !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග  ප්‍රකාශ කරයි.

අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට තිබිණි. කියවන්න...

උද්ධමනයේ තරමක අඩුවක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ. කියවන්න...

ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටිහාරලක්ෂයක පමණ (බිලියන 4000)  පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ වනවිට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම  සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන් දහස් හත්සියයකි. කියවන්න...

ව්‍යාපාරික විශ්වාසයේ විශාල ර්වධනයක් – LMD ර්දශකයෙන් හෙළිදරව් කරයි

සුවිශේෂී LMD-NielsenIQ ව්‍යාපාර විශ්වාස ර්දශකය (BCI)  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ විශාල ඉහළ යාමක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් පැවති 76 මටටමේ සිට ඔක්තෝම්බර් මාසයේදී පදනම් ලකුණු 13 කින් වැඩි වී 89 දක්වා ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව එහි නවතම සංස්කරණයේ වාර්තා කරයි.

වසරකට පෙර එය වාර් ත කොට තිබු අගය වන්නේ 111 කි. ඒ අනුව මෙය සැලකිය යුතු ර්වධනයක් ලෙස පෙනෙන්නට තිබේ. කියවන්න...

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය

ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. කියවන්න...

ඔට්ටු සහ සූදු බදු තවත් ඉහළට

ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

කැසිනෝ ශාලාවක් සඳහා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා සියයට 150කින් ඉහළ නංවා ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. කියවන්න...

උපයන විට බදු ක්‍රියාත්මක වන්නේ පනත සම්මත වීමෙන් පසුවයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

නව බදු පනත යටතේ පනවා ඇති උපයන විට ගෙවීමේ බදු අයකර ගැනීම ආරම්භ කළ හැක්කේ එම පනත පාර් ලිමෙන්තුවෙන් සම්මත වූ පසුව පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

බදු පනත ඊයේ පාර් ලීමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එයට එරෙහිව අධිකරණයට යාමේ අවස්ථාව ජනතාවට දැන් ලැබී ඇති බවත් ඇමතිවරයා කී ය. කියවන්න...

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ – මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බවය. කියවන්න...

බදු වැඩි කිරීමට තීරණය කළේ කැමැත්තෙන් නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අමාරු කාලේ අමාරු තීරණ ගන්න වෙනවා

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එම තීරණ ගන්නේ කැමැත්තෙන් නොවන බව ද ජනාධිපතිවරයා කී ය.

රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය හිමි සමුළුව කැඳවන්න ජපානය සුදානම් – යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) වාර් තා කරයි

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට ජපානය කටයුතු කරමින් සිටින බව යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) පුවත්පත  වාර් තා කොට ඇත. Yomiuri Shimbun ජපානයේ ප්‍රධාන නගර පහකින් එකවර පලකරන එරට ප්‍රධාන පුවත්පතකි.

මෙම සමුලුව වසර අග දී පැවැත්වීමට සුදානම් වන බව එම වාර් තාවේ සඳහන් ය. කියවන්න...