සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 342 ක්

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.
මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ.
ආර්ථීකය සරලව
සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.
මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ.
අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.
මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි.
උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ය.
බැංකු පොලියේ තවත් අඩුවීමක් අපේක්ෂා කරන බව කී ආචාර්ය වීරසිංහ මහතා ඉක්මනින් නොවුණත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ද තව දුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කී ය.
සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය කියයි.
ජනවාරි මාසයේ වැට් බදු වැඩි කිරීමත් සමග මෙරට උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් කළ පුරෝකථන බොරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 5.9 දක්වා පහත වැටී ඇත.
ජනවාරි මාසයේ එය පැවතියේ සියයට 6.4 ක් වශයෙනි.
මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී යු ටියුබ් නාලිකාව ප්‍රකාශ කරයි.
මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් ලැබීම වැඩි වී තිබීමත්, ආනයන සීමා පැවතීමත් නිසා ඩොලරයේ හුවමාරු අගය විශාල ලෙස පහත වැටීමට ඉඩ තිබු නිසා එය වැළක්වීමට මහ බැංකුව මැදිහත් වූ බව යි
සිසිල් බීම සඳහා ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෙළෙඳ නාමයක් වන අලියා බීම නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුවදීමට කටයුතු කොට ඇති බව එලිපන්ට් හවුස් සමගම නිවේදනය කරයි.
ඉන්දියාවේ රිලයන්ස් කොන්සියුමර් ප්‍රොඩක්ට් සමාගම ශ්‍රී ලංකාවේ එලිපන්ට් හවුස් සමාගම සමග එක්ව බීම නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා පිවිසීමත් සමග ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාන වර්ගවලින් එකක් වන අලියා බීම ළඟදීම ඉන්දියාවේ රාක්කවල අලෙවි වනු ඇත.
රුපියලේ හුවමාරු වටිනාකම තවදුරටත් ශක්තිමත් වෙමින් අද උදේ වනවිට ඩොලරයේ හුවමාරු අගය රුපියල් 310 න් පහළට පැමිණි බව වාර්තා වෙයි.
වෙළෙඳපොලේ අද උදේ ඩොලරයේ හුවමාරු අගය සටහන් වුයේ රුපියල් 309.90 – 310.00 වශයෙනි.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාදීමට පෙර කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය මාර්තු 7 දා ආරම්භ වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
එම සමාලෝචනය සති සේකක කාලයක් පැවැත්වෙනු ඇත.
මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.
අද දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.