Category: ප්‍රවෘත්ති

මෙය හැර වෙන මාවතක් නැහැ ; සියලු දෙනා සහය දිය යුතුයි – අර්නස්ට් ඇන්ඩ් යන්ග්  බදු විශේෂඥ දුමින්ද හුලංගමුව

රටේ වත්මන් ආර් ථික තත්ත්වය යටතේ බදු ක්‍රමයේ මෙම ප්‍රතිසංස්කරණය සිදු කළ යුතු ම බවත්, ඒ  හැර ර්අබුධයෙන් ගොඩ යාමට වෙනත් මගක් නැති බවත්, එයට සියලු දෙනා සහය දිය යුතු බවත්, ර්අනස්ට් ඇන්ඩ් යන්ග් බදු විශේෂඥ දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි.

මෙතෙක් කල් අප කළේ දේශපාලන හේතු මත ජනතාවට නොයෙක් සහන දෙමින් එම මුදල පියවීම සඳහා ණය ගැනීම බවත් , දැන් එය තවදුරටත් කළ නොහැකි බවත් ඒ මහතා කියයි. කියවන්න...

ලෝක සාගිනි ර්දශකයේ ශ්‍රී ලංකාව හොඳ තැනක ; දකුණු ආසියාවේ ඉදිරියෙන් ම

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය , මාලි පිටුපසින්

පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගෙන දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන් ම සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

සාගින්න අඩු සිට වැඩි වන ලකුණු දීම් අනුව 0 – 100 ලකුණු පරාසයක ලකුණු 13.6 ක් ගෙන ශ්‍රී ලංකාව 64 වැනි ස්ථානයේ පසුවන විට, ලකුණු 19.1 ක් හිමි කරගත් නේපාලය 81 ස්ථානයේ ද, ලකුණු 19.6 ක් ලබාගත් බංග්ලාදේශය 84 වැනි ස්ථානයේ ද,  26.6 ගත පකිස්ථානය 99 ස්ථානයේ ද, 29.9 ක් ගත් ඉන්දියාව 107 වැනි ස්ථානයේ ද, 29.9 ක් ගත් ඇෆ්ඝනිස්තානය 109 වැනි ස්ථානයේ ද පසුවෙයි. කියවන්න...

ඉන්ධන මිල අඩු කරයි ; 92 පෙට්‍රල් රුපියල් 40 කින් , ඔටෝ ඩීසල් රුපියල් 14 කින් බසී

අද(17) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් වේ. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවේ.

දිනමිණ

වැටී තිබු ව්‍යාපාරික විශ්වාසය දර්ශකයේ වේගවත් ඉහළයාමක්

එල් එම් ඩී ව්‍යාපාරික සඟරාවෙන් සමීක්ෂණය කොට සකස් කරනු ලබන LMD නීල්සන් ව්‍යාපාරික විශ්වාස දර්ශකයේ වේගවත් ඉහළ යාමක් අගෝස්තු මාසයේ දී වාර් තා වී ඇත.

පසුගිය ජුනි, ජුලි මාස දෙකෙහි 49 දක්වා පහත වැටී තිබු එහි අගය අගෝස්තු මාසයේ 81 දක්වා ඒකක 32 කින් ඉහළ ගොස් තිබේ. කියවන්න...

ජූනි වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,208ක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,208.2ක් දක්වා 20% කින් වැඩි වී තිබේ.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යෑම මේ වර්ධනයට හේතු වී ඇති බවට රේගු දත්ත වාර්තා හෙළි කර සිටියි. කියවන්න...

මේ වසරේ මුල් මාස 5ට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය  මෙම වසරේ පළමු මාස 5 තුළ  වර්ධනයක් පෙන්නුම් කර නොමැත. කියවන්න...

පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කළ යුතුය – හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉතිරිකරන්නන්ට සැබෑ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා රටේ පොලී අනුපාත දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. ඉදිරියේදී තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බැවින්, කිසිදු වැඩ පිළිවෙළක් නැති තත්ත්වය වෙනුවට, ආර්ථිකය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළකට යාම වඩා හොඳ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 23 දින CT CLSA සුරැකුම්පත් වෙබ් අඩවියේ ‘IMF: ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙළ’ පිළිබඳව කතා කරමින් කුමාරස්වාමි මහතා කීවේ  වර්තමාන උද්ධමන අනුපාතය අනුව සාමාන්‍ය ස්ථාවර තැන්පතු සහ සේවක අර්ථසාධක අරමුදලේ සැබෑ ප්‍රතිලාභ අනුපාතය සෘණාත්මක වන බවයි.. ප්‍රශ්නය විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතා ගැටලුවක් නොවන බවත්, එය ගැඹුරු ප්‍රශ්නයක් බවත් ඒ මහතා පැවසීය.. කියවන්න...

උද්ධමනය 17.5% දක්වා ඉහළට ; ආහාර උද්ධමනය 24 7% යි

උද්ධමනය වැඩි වීමේ මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රවනතාවය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි. කියවන්න...

වසර දෙකක දී රටේ ණය බර සියයට 25 කින් වැඩිවෙලා – ආචාරය නිශාන් ද මේල්

ශ්‍රී ලංකාවේ ණය බර පසුගිය වසර දෙකක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි පහක ප්‍රමානයකින් ඉහළ ගොස් ඇති බවත්, එය ඉතිහාසයේ විශාලතම වැඩිවීම බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

වසර දෙකකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක්ව තිබු ණය බර මේ වන විට පවතින්නේ සියයට 119 ක මට්ටමේ බව ඒ මහතා කියයි. මෙය කෙටි කාලයක සිදු වූ වැඩි ම වැඩිවීමයි. කියවන්න...

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384. – තත්සරණී සිරිවර්ධන

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ඛනිජ තෙල් සහ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබුණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න.

ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායික රාජ්‍ය සතු ව්‍යපාර 52 ක් තියෙනවා. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ ව්‍යාපර 52ක ලබපු මුලු පාඩුව රු. ට්‍රිලියන 1.2ක් වෙනවා. කියවන්න...