Category: ප්‍රවෘත්ති

විදුලි බල මණ්ඩලයේ වැඩ වගකීම් විරහිතයි – මුදල් අමාත්‍යංශයෙන් විදුලිබල අමාත්‍යාශයට දරුණු ප්‍රහාරයක්

පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අයහපත් මුල්‍ය කළමනාකරණය පිලිබඳ දැඩි ලෙස විවේචනය කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා වෙත දෝෂාරෝපණ ලිපියක් යොමු කොට තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් විදුලිබල අමාත්‍යංශ ලේකම් වසන්ත පෙරේරා වෙත යොමු කොට ඇති ලිපිය මගින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දුර්වල ප්‍රගතිය මෙන් ම ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකරණය ද දැඩි විවේචනයට ලක් කොට තිබේ. කියවන්න...

වියදමට සල්ලි ගන්න රන් සංචිත විකුණු බව මහ බැංකුව පිළිගනී

මහ බැංකුව සතුව තිබු රන් සංචිත විකුණු බව පිළිගනිමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනයේ කියන්නේ සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමට රන් සංචිත විකුණු බවයි. එහි තේරුම නම් සංචිත වියදම් කළ හැකි තත්ත්වයට පත් කළ බවයි. කියවන්න...

රජයෙන් මේ මස සිට සහන මල්ලක්

කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී ඊයේ රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය. කියවන්න...

දෙසැම්බරයේ උද්ධමනය 12.1 දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ පරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 12.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ පිලිබඳ මහ බැංකු නිවේදනයේ මෙසේ සඳහන් ය. කියවන්න...

ණය නොලැබුණේ ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රේණිය පහත දැමු නිසා යි – මහ බැංකුව නිවේදනයකින් කියයි

ශ්‍රී ලංකාව විවිධ රටවලින් ඉල්ලා තිබු ණය වෙලාවට ලබා ගැනීමට නොහැකි වුයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයකින් කියයි.

රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කියමින් නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ  සඳහන් ය. කියවන්න...

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දු- ලංකා ගිවිසුමට ලබන මස අත්සන් තැබෙයි – ද හින්දු පුවත්පත වාර්තා කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා වන ඉන්දු – ලංකා ගිවිසුමට මසක් තුළ අත්සන් තබන බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත.

එම පුවත්පත වාර්තා කොට ඇත්තේ ගිවිසුම පිලිබඳ සාකච්ඡා කොට එය සකසා අවසන් බවත්, ඉදිරි මාසයක කාලය තුළ එයට අත්සන් තබන ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට ඉරිදා පැවසු බවයි. කියවන්න...

ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙළද අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. කියවන්න...

විදෙස් ශ්‍රමිකයින්ගෙන් රට සල්ලි ගලාඒම් තවදුරටත් පහළට. නොවැම්බරයේ දී 55% කින් අඩුවෙලා

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. කියවන්න...

සතියකින් රට ගොඩ දාන බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි

විදේශ සංචිත ඩොලර් බිලියන 3 ක් දක්වා ඉහළට !

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1,5 ක් මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මේ වසර අග වනවිට පවත්වාගෙන යාමට අපේක්ෂා කළ ඩොලර්  බිලියන 3 ක මට්ටමට වර්ධනය කළ හැකිවන බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 1.5 ක මුදල ලබන සතිය මුල දී ලැබීමට නියමිත බවයි. කියවන්න...