Category: ප්‍රවෘත්ති

ඉන්දියාවෙන් ණය දෙන්නත් අයි එම් එෆ් යා යුතු බවට කොන්දේසියක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන දෙකකට ආසන්න ණය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි අතර විදේශ විනිමය අර්බුදය දිගු කාලීන ලෙස විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතුය යන්න ද වන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

තමන් ලබා දෙන ණය මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා පමණක් බව පෙන්වා දී ඇති ඉන්දියානු බලධාරීන් දිගු කාලෙඑඑන ලෙස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ද පෙන්වා දී ඇතැයි කියති. කියවන්න...

ආහාර ද්‍රව්‍ය මිල සියයට 44 කින් ඉහළ ගිහින්

මෙරට දේශීය වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් පසුගිය වසර දෙකක කාලය තුළ සියයට 44 කින් ඉහළ ගොස් ඇති බව අඩ්වෝකාටා සංවිධානය කියයි.

කොළඹ වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් අඩ්වෝකාටා සංවිධානය සකස් කරන ‘බත්කරි’ දර්ශකය මගින් මේ බව ගණන් බල ඇත. කියවන්න...

බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභ දායකයි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.

බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65 ක් ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197 ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් වැය වන බව ද සඳහන් කළේය. කියවන්න...

අයවැය පියවා නැහැ ; හිගය සියයට 70 යි ; ණය බර තවත් රුපියල් බිලියන 1628 කින් ඉහළට

මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට 2022 අයවැය ලේඛනය ඉදිරිපත් කළ නමුත් අයවැය හිගය පියවා ගන්නා ආකාරය ගැන කිසිවක් සඳහන් නොකළ බවත්, වසරේ ආදායමට වඩා  අපේක්ෂිත වියදම සියයයට 70 කට වඩා වැඩි බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මුදල් ඇමතිවරයා අයවැය මගින් වියදම් යෝජනා සහ ආදායම් යෝජනා ඉදිරිපත් කළ ද අයවැය හිගය පියවන ආකාරය පිළිබඳව හෝ අයවැය තුලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඊයේ බෙදා දුන් මුද්‍රිත අයවැය කතාවේ ද ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවේ. කියවන්න...

මෙම වසරේ ඉහළ ම උද්ධමනය ඔක්තෝබර් මාසයේ වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) වන සියයට 7.6 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි. එය ඔක්තෝබර් මාසයේ සියයට 7.6 ක් වෙමින් සියයට 1.9 ක් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. කියවන්න...

මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

පසුගිය කාලයේ දිගින් දිගට පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කටයුතු කොට ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ. 

2021 ජුලි 19 වනදා සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව ඔවුන් මෙම පහළ දැමීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.  කියවන්න...

කොටස් වෙළෙඳපොළේ් සියලු කොටස් මිල දර්ශකය දහදහස සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ  (25) දිනය අවසානයේ ඒකක දහදහසේ සීමාව ඉක්මවා ගියේ ය.

අවසන් වරට ගනුදෙනු සිදු වූ දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක් ලෙසින් සටහන් වී තිබිණි.

ආර්ථිකය යළි පණගන්වන කබ්රාල්ගේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි

October, 1, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි. කියවන්න...

කොවිඩ් බැංකු ණය ගෙවීමේ සහන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට මහ බැංකුවෙන් නව චක්‍රලේඛයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත.

COVID-19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව එහි සඳහන් වේ. කියවන්න...