Category: ප්‍රවෘත්ති

ඩොලරය රු. 226 යි. පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි.

කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රු. 226.00 ක් තරම් ඉහළ අගයයක් පෙන්නුම් කර තිබුණු බවයි. කියවන්න...

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 කඩඉම පසුකරයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යාමට අද (01) දිනයේ දී සමත් විය. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53 ක හෙවත් 1.84% ක වැඩි වීමකි.

මීට පෙර අවස්ථා කිහිපයක දීම දෛනික ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි වුවද ඒ සෑම අවස්ථාවක දීම දිනයේ ගනුදෙනු අවසානයේ දී එයට ඒකක 9,000 සීමාවෙන් මෙපිට නැවතීමට සිදුවිය. ඊයේ (01) දිනයේ දී ඒකක 8,997.60 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වීම එහි ආසන්නතම අවස්ථාවයි. කියවන්න...

චීනයෙන් ශ්‍රී ලංකාවට රෙන්මින්බි බිලියන 2 ක ( රුපියල් බිලියන 61.5 ක ) ණයක්

ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රෙන්මින්බි බිලියන 2 ක හෙවත් රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කොට ඇත.

චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ. කියවන්න...

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩ නැගෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව මුදල් අමාත්යංශය කියයි.

එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය. කියවන්න...

නියමිත පරිදි ණය ගෙවීම් කළා – මුදල් රජය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට  ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. කියවන්න...

නව මුදල් ඇමති බැසිල්ගේ පළමු පනත කළු සල්ලිවලට සහන දෙන්න පාර්ලිමේන්තුවට

නව මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛතා කාර්යයක් බවට පත්ව ඇතැයි, කියන, විදේශයන්හි සඟවා ඇති කළු සල්ලි ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බදු සමාව ලබාදෙන පනත් කෙටුම්පත ඊයේ ( 20 දා ) පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති බව වාර්තා වෙයි.

මෙම පනත මගින් ලබාදෙන සමාව මත ශ්‍රී ලාංකිකයින් සතු කළු සල්ලි විශාල ප්‍රමාණයක් මෙරටෙහි ආයෝජනය කරනු ඇතැයි නව මුදල් ඇමතිවරයා බලාපොරොත්තු වන බව කියති. කියවන්න...

ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කරන පනත කැබිනට් මණ්ඩලයෙන් අනුමතයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ, පිරිපහදු කිරීමේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයට ද එම අවස්ථාව විවෘත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

2003 ශ්‍රී ලංකා ඛනිජ තෙල් පනත මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සඳහා වූ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමි වී තිබේ. කියවන්න...

වසරක් තුළ ආහාර වියදම සියයට 30 කින් ඉහළට – අඩ්වෝකාටා ‘බත්කරී’ දර්ශකයෙන් පෙන්නුම් කරයි

පසුගිය වසරක කාලය තුළ මේර ජනයාගේ ආහාර වියදම සියයට 29.86 කින් ඉහළ ගොස් ඇති බව ‘අඩ්වෝකාටා’ ආයතනය හඳුන්වා දී ඇති ‘බත්කරි ‘ දර්ශකයෙන් පෙන්නුම් කරයි. එම දර්ශකයට අනුව පසුගිය මාසයේ ආහාර වියදම් ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 14.3 කි. පසුගිය මාස තුනේ සාමන්‍යය සටහන් වී ඇත්තේ සියයට 12.32 ක් වශයෙනි.

සාමාන්‍ය ජනයාගේ ආහාර වියදම්වල ඉහළ , පහළ යෑම ගණනය කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම දර්ශකය මගින් පෙන්නුම් කරනුයේ මහජනයා සිය ආහාර සඳහා කරන වියදම් ය. කුටුම්භයක සියලු වියදම් මත පදනම් වන පාරිභෝගික මිල දර්ශක හෝ උද්ධමන දර්ශක වලින් මෙම දර්ශකය වෙනස් වන්නේ මහජනයාගේ අත්‍යවශ්‍ය ආහාර මිල පමණක් මෙහි දී සැලකිල්ලට ගන්නා හෙයිනි. කියවන්න...

ශ්‍රී ලංකාව ‘ණය රහිත රටක‘ පරමාදර්ශය කරා – මහ බැංකු අධිපති

ණය රහිත රටක්‘ යනු ‘ණය ශූන්‍ය‘ නොව, පහසුවෙන් කළමනාකරණය කළ හැකි මට්ටමක ණය ප්‍රමාණයක් පවත්වා ගැනීමයි 

ශ්‍රී ලංකාව ‘ණය රහිත රටක්‘ යන පරමාදර්ශය කරා ගමන් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. අද (08) පෙරවරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව zoom තාක්ෂණය ඔස්සේ අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී ‘ණය රහිත රටක්‘ යනු ‘ණය ශූන්‍ය‘ යන අර්ථය නොව,  පහසුවෙන් කළමනාකරණය කළ හැකි මට්ටමක ණය ප්‍රමාණයක් පවත්වා ගැනීම බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා, කියවන්න...

මුදල් ඇමති ලෙස බැසිල් දිවුරුම් දෙයි ; මහින්දට ආර්ථික සංවර්ධන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම

මන්ත්‍රීවරයකු ලෙස  පත් වී සිටින බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස අද දිවුරුම් දුන්නේ ය.

මුදල ඇමති ධුරයෙන් ඉවත්වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති ලෙස දිවුරුම් දී තිබේ. කියවන්න...