ආණ්ඩුව ක්‍රියාත්මක කොට ඇති පොහොර තහනම නිසා කෘෂිකාර්මික වග රාශියක අස්වනු විශාල ලෙස අඩුවනු ඇති බවත්, ඇතැම් අංශ සම්පුර්ණයෙන් විනාශ වන බවත්, ඇතැම් අංශවල සිදුවන හානිය කිසි ලෙසකින් ආපසු හැරවිය නොහැකි බවත්, දිවයිනේ ප්‍රධාන කෘෂි විද්‍යාඥයෝ පිරිසක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් කරුණු දක්වති.
එක් එක් වගාවට සිදුවිය හැකි හානි ගණනය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, තේ වගාව සියයට 50 ක් දක්වා ද ,වී සියයට 30 -35 කින් ද, ඉරිඟු සියයට 50 ක් දක්වා ද, අර්තාපල් සියයට 30 -50 ක් ද, උක් සියයට 30-40 කින් ද, කුරුඳු සියයට 25 කින් ද, බුලත් සියයට 20 කින් ද, උඩරට එලවළු සියයට 30 – 50 කින් ද , අස්වනු අඩු වනු ඇති බව යි. කියවන්න...