බංගලිදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක්

බංගලිදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ණය මුදලක් ලබා දීමට කටයුතු කොට ඇත.
රට මුහුණ දී සිටින විදේශ විනිමය අපහසුත නිසා ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබා දී තිබේ.
ආර්ථීකය සරලව
බංගලිදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ණය මුදලක් ලබා දීමට කටයුතු කොට ඇත.
රට මුහුණ දී සිටින විදේශ විනිමය අපහසුත නිසා ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබා දී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑම, පසුගිය වසරේ කොවිඩ් පළමු හා දෙවැනි රැළිවලින් ඇති වූ බලපෑම තරම් තීව්‍ර නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද (20) දිිනපැවති මාර්ගගත (ඔන්ලයින්) මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මෙහිදී පැවසුවේ ප්‍රබල නිගමනවලට ඒළඹීම සඳහා තවමත් කල් වැඩි බවයි.
මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා,
පාම් තෙල් ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ විරෝධය හමුවේ අදාල තහනම ඉවත් කිරීමට සිදුව ඇති බවයි.
මෙරට සිටින, එම රටවල තානාපතිවරුන් වෙළඳ අමාත්‍යවරයා අමතා පවසා තිබෙන්නේ එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා උල්ලංඝනය කිරීමක් බවයි.
ශ්‍රී ලංකා රජය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන 500 ක නය මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
සහන ණයක් වශයෙන් ලැබී ඇති මෙම මුදල ගෙවීම සඳහා වසර 40 ක් කාලයක් හිමිවන අතර එහි පොලිය සියයට 0.15 – 0.20 වන බව වාර්තා වෙයි.
කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත. අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම විශ්වාසයක් ඇති කරගත් දේශපාලකයන්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතළු සැහෙන පිරිසක් අප සමාජයේ සිටීම වේදනාවට කරුණකි. එනමුත් මින් ලද පරිචයක් ඇතිනම්, එවන් කූඨ ප්‍රයෝග සහ වෙළඳ ව්‍යාපාරවලට නොරැවටිමටත්, නොයෙකුත් ප්‍රචාරක උපක්‍රම වලින් මුළු රටක් “කඩේ ගෙන යාමට” දායක නොවීමටත් සැම දෙනාම වග බලාගත යුතුය. අදාළ පැණියට ලබාදුන් රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ අනුග්‍රහය රටක් නොමග යැවූ බව, අවම වශයෙන් සති දෙකකට වැඩි කාලයක්වත් මතක තබා ගැනීමට දැන්වත් මතක තබා ගනිමු. මෙම ලිපියේ අරමුණ පැණියක් පිලිබඳ නොවුනත් මෙවන් පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි.
කොවිඩ් වසංගතය හමුවේ, මෑත කාලයේ දී දක්නට ලැබුණු සාර්ථක රාජ්‍ය මැදිහත්වීමකින් සහ සැම දෙනාගේම දායකත්වයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු වීම සතුට දනවන කරුණකි. මීට අමතරව, නිපදවිය හැකි දේ රට තුලම නිපදවීමේ අරමුණින්, තෝරාගත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව හෝ තහනම් කිරීමත්, ඒ තුලින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයා දිරි ගැන්වීමට ගත් උත්සාහයත් අපි දුටුවෙමු. එතනෝල්, කහ, බඩ ඉරිඟු, මුං ඇට වැනි දේ ආනයනය නැවැත්වීම මෙයට හොඳම නිදසුන් ය.
බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දීම සඳහා ගැසට් නිවේදනයක් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 6 දා දාතම යටතේ නිකුත් කොට ඇත.
සියලු රසායන ද්‍රව්‍ය ගෙන්වීමේ තහනම මෙමගින් ලිහිල් කොට ඇති අතර රසායනික ගෙන්වීමේ බලපත්‍ර ලබා දෙන්නේ කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බව ද සඳහන් ය.
වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප‍්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්මවීය.
පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය.
ෆෝට් සිටි හෙවත් වරාය නගර ප්‍රදේශය පාලනය සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීම ලබන බදාදා (5 දා ) සිදු කිරීමට රජය තීරණය කොට ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඊයේ රැස්වීමේ දී රජය මේ බව දැනුම් දී ඇති අතර විවාදය සඳහා දින දෙකක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් කරයි.
2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය ගෙවීමේ ප්‍රශ්නයේ දී එම ණය ගෙවීම සඳහාත් , රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත්, ආධාර ලබාදීමට ඇමෙරිකානු රජය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි.
“ ණය කළමනාකරණය කර ගැනීමටත්, අනාගතය සඳහා වඩාත්, තිරසාර සංවර්ධනයක් සඳහාත් ආධාර කිරීමට අපි සුදානම් “ යි ඇය ප්‍රකාශ කොට ඇත . “රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර වනවා දකින්න අපි කැමතියි . එයට ආධාර කරන්න සුදානම් බව අපි දැනටමත් දැනුම් දී තිබෙනවා “ ඇය වැඩිදුරටත් කීය