Category: ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.1 ට බසී

ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය මාර්තු මස අග වන විට ඩොලර් බිලියන 4.1 දක්වා පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

පෙබරවාරි මස අග දී එය පැවතියේ ඩොලර් බිලියන 4.583 ක මට්ටමේ ය. කියවන්න...

පෙරේදා බැඳුම්කර වෙන්දේසියේදීත් සියයට 73 ක් විකිණී නැහැ

පෙරේදා , සිකුරාදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ද එයට ඉදිරිපත් කොට තිබු බැඳුම්කර අතරින් සියයට 73 ක පමාණයක් විකුනාගත් නොහැකි වූ බව වාර්තා වෙයි.

ඒ සඳහා රුපියල් මිලියන 40,000 බැඳුම්කර ඉදිරිපත් කොට තිබුණ ද විකුණාගත හැකි වී ඇත්තේ රුපියල් මිලියන 10,585 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයකි . එය මුළු සංඛ්‍යාවෙන් සියයට 26.21කි . කියවන්න...

එළවළු හා පලතුරු අස්වනු හානියෙන් මෙරට ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 20ක්

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40 ත් අතර ප්‍රමාණයක් බව අනාවරණයවී තිබේ. කියවන්න...

එක එක්කෙනා කියන කියන දේ කරන්න බලයක් අපට නෑ – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

එක එක කණ්ඩායම් ඉල්ලා සිටින ආකාරයට හිතුමතේ තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ බලයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නැති බවත් , තමන් වැඩ කරන්නේ නීතියෙන් ලබා දී තිබෙන බල සීමාව තුල බවත් , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත කරමින් කියයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. කියවන්න...

රුපියලේ වැටීම නවතන්න බැරි වෙයි. ඩොලරය රුපියල් 202 ත් පනී

ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණ වීම තවදුරටත් සිදුවෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 202 ඉක්මවා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහා බැංකුව අද නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 202.04 ක් වශයෙනි. කියවන්න...

ජපන් ආධාර එපා කියූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙන අය සමග කරන්න කැබිනට් අනුමැතිය

වියදම් වැඩි බව කියමින් හදිසියේ නවතා දමන ලද, ජපානයේ සහන ණය යටතේ කරන්නට සැලසුම් කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙනත් පාර්ශවයන් සමග ගිවිසුම් ගත වී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් ඉදි කිරීමට නියමිතව ඇත. කණු මතින් දුවන සැහැල්ලු දුම්රිය වන මෙම මාර්ග ඉදි කිරීමට යන්නේ රාගම සිට කොළඹ , මොරටුව සිට කැලණිය, කොට්ටාව සිට තලවතුගොඩ හරහා හුණුපිටිය සහ අතුරුගිරියේ සිට රාජගිරිය හරහා කොටුව වශයෙන් මාර්ග හතරක් ලෙස ය. කියවන්න...

රුපියල පහලටම බසී ; ඉතිහාසයේ අඩු ම අගය අද

රුපියලේ අගය පහල යාම තව දුරටත් සිදුවෙමින් අද එය ඩොලරයකට රුපියල් 201.77 ක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තහවුරු කරයි.

අද වාර්තා කොට ඇත්තේ රුපියල ඉතිහාසයේ වාර්තා කළ අඩු ම අගය යි. මීට පෙර වාර්තා වී තිබු අඩු ම අගය මාර්තු 17 ද වාර්තා වී ඇත්තේ ඩොලරයකට රුපියල් 201.75 ක් වශයෙනි. කියවන්න...

රුපියලේ අගය තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි. කියවන්න...

චීනයෙන් ඩොලර් බිලියන 1.5ක් ණය ගන්න වසරතුනක ගිවිසුමකට අත්සන් තැබෙයි

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. කියවන්න...

2020 සියයට 3.6 ක අර්ථික පසු බැස්මක්

2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ  සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින්  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව කියයි. කියවන්න...