Category: ප්‍රවෘත්ති

ඩොලරය රු. 200 පනියි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ. කියවන්න...

ජිනීවා යෝජනා සම්මත වුවහොත් බලපෑම අපනයන වෙළෙඳපොළටයි – ආචාර්ය නිමල් සඳරත්න

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්මත වුවහොත් ශ්‍රී  ලංකාවට බලපෑම සිදුවිය හැක්කේ අපනයන වෙළෙඳපොළේ  දී බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිමල් සදරත්න මහතා කියයි. මෙම යෝජනාවේ ප්‍රතිපාදන ක්‍රියාවට නැගීම සඳහා එක් එක් රටවල් වෙන වෙනම ක්‍රියාත්මක විය හැකි බවත් , ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය , යුරෝපා සංගමය සහ ජර්මනිය එයට පෙරමුණ ගත හැකි බවත්  ආචාර්ය නිමල් සඳරත්න මහතා පවසයි.

මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් බලපාන්නේ අප රටේ අපනයන වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් ඇත්තේ මෙම රටවල නිසා ය. කියවන්න...

චීනයෙන් බිලියන 1.5 ක ණය ලැබුණත් රුපියල තව වැටෙයි

ශ්‍රී ලංකා ආණ්ඩුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට පිළියම් ලෙස චීනයෙන් ඉල්ලා සිටි ඩොලර්

බිලියන 1.5 ක් ණය මුදල ලබාදෙන බව චීනය ප්‍රකාශ කළ පසුව ද රුපියලේ අගය තව දුරටත්  කියවන්න...

මාස 06ක් තුළ දී කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (10) දින දෛනික ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 657.97 ක් ලෙසින් සටහන් විය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2020 අගෝස්තු 10 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ අඩුම පිරිවැටුම මෙය වන නිසාවෙනි.

එසේම ඊයේ (09) දිනය වන විට 2021 වසරේ දෛනික ගනුදෙනු පිරිවැටුමේ සාමාන්‍ය රු. බිලියන 6.98 ක් ලෙසින් දැක්වුණු අතර ඒ අනුව අද (10) දිනයේ පිරිවැටුම එයින් 1/10 ක් තරම්වත් නොවීම විශේෂත්වයකි. කියවන්න...

සීනි බදු වංචාව බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තු කමිටුවට කියයි

සීනි බදු අඩු කිරීමට රජය නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිදු කර ඇති බදු වංචාව නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය  මුදල් කාරක සභාවට අද දැනුම් දී ඇති බව  වාර්තා වෙයි.

මෙම වංචාව ගැන පාර්ලිමේන්තු කමිටුව මුදල් ආමාත්‍යංශ නිලධාරීන් ගෙන්වා කළ විමසුමකට පිළිතුරු ලෙස නිලධාරීන් මේ බව හෙළි කොට තිබේ. කියවන්න...

කම්කරුවන්ට වරප්‍රසාද ලැබෙන්නේ නීතිවලින් නොව වෙළෙඳපොළ වර්ධනයෙන් – අධිකරණ ඇමති අලි සබ්‍රි

කම්කරුවන්ට සැබවින් ම වරප්‍රසාද සහ අයිතීන් හිමිවන්නේ නීති පැනවීමෙන් නොව වෙළෙඳ පොළ වර්ධනය කරමින් කම්කරු ශ්‍රමය සඳහා ඉල්ලුම ඉහළ දැමීමෙන් බව අධිකරණ ඇමති එම් යු එම් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ ය. හාම්පුතුන්ට නීති දමා දහ දෙනා  පස් දෙනා  කරනවා වෙනුවට හාම්පුතුන් හා  දෙනෙකුට ඉඩ සලසා ඔවුන් අතර තරගයක් ඇති කළ විට කම්කරු ශ්‍රමය සඳහා ඉල්ලුම ඉහළ යන බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය. එසේ වූ වීට  කම්කරුවන්ගේ සේවය ලබා ගැනීමට සේවක වරප්‍රසාද ඉහළ දැමීමට හාම්පුතුන්ට සිදුවන බව ඇමතිවරයා පැවසීය .

ඒ අනුව ඇමතිවරයා කීවේ කම්කරු අයිතීන් ලබාදීමේ වඩා සාර්ථක ක්‍රමය නව නීති ගෙන ඒම නොව වෙළෙඳපොළ වර්ධනය කිරීම බව යි. කියවන්න...

ආණ්ඩුව බිලියන පහක් ණය ඉල්ලුවත් ශතයක් වත් තව ම ලැබී නැහැ – චීනයත් කල් මරයි

චීනය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් ආණ්ඩුව ඩොලර් බිලියන පහක පමණ ණය ඉල්ලා ඇතත් එම ණය කිසිවක් මේ වනතෙක් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කිය යි.

ඉන්දියානු රජයෙන් ඩොලර් බිලියනයක් සහ චීන රජයෙන් ඩොලර් බිලියන 1.5 ක් රජයෙන් රජයකට දෙන අතමාරු ලෙස රජය ඉල්ලා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. එම මුදල් ජනවාරි මාසයේ ලැබෙනු ඇති ආණ්ඩුව අපේක්ෂා කළේ ය. කියවන්න...

වතු කම්කරු වැටුප පඩි පාලක සභාවෙන් ගැසට් කළොත් සාමුහික ගිවිසුම්වලින් ඉවත් වෙනවා – වතු සමාගම් කියයි

“නීති දෙකකින් පාලනය කරන්න බැහැ”

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් ලෙස, තමන්ගේ විරෝධය මැද, පඩි පාලක සභා නීතිය යටතේ ගැසට් කළ හොත් මෙතෙක් සේවක වැටුප් සහ වරප්‍රසාද තීරණය කළ සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීමට කටයුතු කරන බව වතු සමාගම් ප්‍රකාශ කොට ඇත.

වතු සමාගම් කියන්නේ නීති දෙකකින් වතු පාලනය කළ නොහැකි බව යි. ආණ්ඩුව සහ වතු වෘත්තීය සමිති වතු පාලනයට පඩි පාලක සභා නීතිය යොදා ගන්නේ නම් සාමුහික ගිවිසුම් නීතිය අවශ්‍ය නොවන බව වතු සමාගම් කිය යි. කියවන්න...

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට අපේ සම්බන්ධයක් නැහැ – ඉන්දියාව කියයි

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට  ශ්‍රී ලංකා රජය ගත්  බව කියන තීරණයට තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දියානු රජය ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආයෝජකයකු නම් කිරීමක් ඉන්දියාව විසින් සිදු නොකළ බව යි. ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය ගැන තමා  පුදුම වන බව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත. කියවන්න...

කොළඹ බටහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය ; 85% ක් අදානිට !

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව වසර 35 කින් යලි ශ්‍රී ලංකාවට අයිතිය හිමිවන ව්‍යාපෘතියක් ලෙස මෙය සංවර්ධනය කිරීමට යෝජිත ය.

අදානී සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ජෝන් කීල්ස් සමාගම යි. කියවන්න...