Category: ප්‍රවෘත්ති

කොළඹ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ම අගය වාර්තා කරයි



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.

මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.

දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.

මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.

(හර්ෂණ තුෂාර සිල්වා) කියවන්න...

සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට යුරෝපා සංගමයෙන් ශ්‍රි ලංකාවට රු.බිලියන 8.26 ක ආධාර

ශ්‍රි ලංකාවේ අධිකරණ ක්ෂ්ත්‍රයට සහාය වීම ,ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් රුපියල් බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රි ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගියදා කටයුතු කළේය කියවන්න...

කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අතරින් රුපියල් මිලියන 965 ක ශුද්ධ වටිනාකමකින් යුතු විදේශ ආයෝජන ජනවාරි මුල් සතියේ දී ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

එම සතිය තුළ විදේශීය විකිණීම් ප්‍රමාණය රුපියල් මිලියන 1,520 ක් ( බිලියන 1.52 ක් ) ලෙස සටහන් වී ඇති අතර මිල දෙඑඑ ගැනීම් ප්‍රමාණය සටහන් වී ඇත්තේ මිලියන 563.62 ක් වශයෙනි. කියවන්න...

රුපියලේ අගය යලි පහතට !

ශ්‍රී ලංකා රුපියලේ අගය යලි පහත වැටී ඇති බව වෙළෙඳපොළ වාර්තා කියයි .

පසුගිය සිකුරාදා ඇමෙරිකන් ඩොලරයක් රුපියල් 191 ත් 192 ත් අතර අගයක් වාර්තා කළ අතර ඊයේ එය සටහන් වී ඇත්තේ 192 ත් 193 ත් අතර අගයක් වශයෙනි. කියවන්න...

රාජ්‍ය සේවාවන්හි වත්මන් සංකීර්ණ නීති රෙගුලාසි සරල කිරීමට කොමිසමක්

 පවත්නා සංකීර්ණ  නීති හා රෙගුලාසි සරල  කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත්කර ඇත.. මෙම කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

හිටපු ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු කොමිසමේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇති අතර කොමිසමේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතාන මහතා පත්කොට තිබේ.. කියවන්න...

2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.7 කින් සංකෝචනය වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 වසරේ දී සියයට 6.7 කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව නිකුත් කල අලුත් ම වර්තාවක සඳහන් වෙයි .

මෙම ආර්ථික වර්ධනය 2021 වර්ෂයේ දී සියයට 3.3 ක් වනු  ඇතැයි කියන එම වාර්තාව 2022 සඳහා ආර්ථිකයේ  අපේක්ෂිත වර්ධනය ගණන් බලා ඇත්තේ සියයට 2.2 ක් වශයෙනි . කියවන්න...

රාජ්‍ය බැංකුවලින් ආණ්ඩුව රුපියල් කෝටි පනස් දහසකට වඩා ණය අරගෙන

රාජ්‍ය භාණ්ඩාගාරය  බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150 කි . එය ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම අගය යි. කියවන්න...

ආර්ථිකය 3.9%කින් සංකෝචනය වෙලා – මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්

පසුගිය 2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය 2020 වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අභියෝගාත්මක දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ ආර්ථිකයට ප්‍රමාණවත් උත්තේජනයක් ලබාදීම සඳහා මුදල් හා රාජ්‍ය මූල්‍ය මැදිහත්වීම තුළින් අඛණ්ඩව සහයෝඟය අත්‍යවශය බව පෙන්වාදෙන ඒ මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ආර්ථිකය නඟාසිටුවීමට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද කියාසිටී. කියවන්න...

චීනයෙන් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.5 ක ණය ගන්න යයි

රටේ මුල්‍ය  තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ණයට ගැනීමට  ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි

මෙම මුදල ලබාගැනීමට යන්නේ චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක් සහ ඉන්දියාවෙන් බිලියන 1ක් වශයෙනි. කියවන්න...

මහ බැංකුව පොලිය වැඩි කළත් ,භාණ්ඩාගාර බිල්පත් සියයට 53 ක් විකීනී නැහැ

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන පොලිය පදනම් අංක දෙකකින් වැඩි කළ ද , මහ බැංකුව වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් සියයට 53 ක් විකිණී නැති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්, ආර්ථික කටයුතු වාර්තාකරණ කරන  පිළිගත් වෙබ් අඩවියක් වන , ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එම වාර්තාවට අනුව මාස තුනකින් කල් පිරෙන රුපියල් බිලියන 10 ක් වටිනා  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබුණ ද ,අලෙවි වී ඇත්තේ මිලියන 510 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයකි . කියවන්න...