සඳුදා සිට බස්නාහිර පළාතේ නිවසේ සිට වැඩ – ජනාධිපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය බස්නාහිර පළාතේ යලි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්
පී බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන වලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.
ආර්ථීකය සරලව
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය බස්නාහිර පළාතේ යලි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්
පී බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන වලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන 13ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගෙන ඇත . ඒසඳහා වන ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කළ බව වාර්තා වෙයි.
අගෝස්තු මාසයේ අමාත්‍යාංශවලට අයිති ආයතන පිලිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය මගීන් මෙම ආයතන කිසිදු අමාත්‍යංශයකට පවරා නොතිබිණි.
කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු සැහැල්ලු දුම්රිය සේවයේ ඉදිකිරීම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ එය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකමිනි. එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව ද ආණ්ඩුව කියයි.
ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මුඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී තිබු ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ රටක් ලෙස වර්ගීකරණය කොට ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහල දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ.
දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සහ සාම්පුර් හි විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉක්මන් සහ ස්ථිර තීරණ ගෙන ඉන්දියාව දැනුවත් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රී ලනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. දෙදෙනා අතර අද පැවති අන්තර් ජාල සාකච්ඡාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.
ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන 1000 ක ණය මුදල සහ මෙතෙක් ගෙන ඇති ණය අයකරගැනීම අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පර්ලිමෙන්තුවට ඊයේ දැනුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තුනතුර විපක්ෂයට ලැබිය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ.
සියලු සැලසුම් අවසන් කොට ජපානයෙන් සහන ණය ද අනුමත කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත. මේ බව සැප්තම්බර් 21 දාතම දරන ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නාගකික සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මෙය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකා එය නවතා දැමු බව කියති.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5ක පසුබැස්මක් මේ වසරේ දී සිදුවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වර්තාවක සදහන් කොට ඇත .කලාපයේ රටවල ආර්ථීකයේ තත්ත්වය සම්බන්ධයෙ නිකුත් කළ නවතම පුරෝකථන වර්තාවේ මේ බව සඳහන් වෙයි.
මේ අතර ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆස්ට් කැප්ටල් ආයතනය කියන්නේ ආර්ථික පසුබැස්ම සියයට 5,8 ක් වියහැකි බවයි. එම වාර්තාව ද ඊයේ නිකුත් වීය.
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය.
සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා, ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර පාඨමාලා නැවත සැලසුම් කර ඒ අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බවත් රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා නියෝග කර ඇත.