දශක දෙකහමාරකට පසු ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 52 ක ඉතිරියක්
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව රජයේ එදිනෙදා පුනරාවර්තන වියදම්වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් සපුරාලීමට රජයේ බදු ආදායම් මෙවර සමත් වී තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඒ අනුව දශක දෙකහමාරකට පසුව, රුපියල් බිලියන 52ක ප්‍රාථමික ගිණුමේ ඉතිරියක් වාර්තා කිරීමට ද හැකියාව ලැබී ඇත.
වසර 2023 රජයේ සමස්ත ආදායම් ප්‍රශස්ත ලෙස ඉහළ යෑම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ජේ.ගුණසිරි මහතා, වසර 2023 දී රුපියල් බිලියන 2752ක බදු ආදායමකුත්, රුපියල් බිලියන 363 බදු නොවන හා ප්‍රධාන ලෙස ලැබූ ආදායමකුත් ලෙස රුපියල් 3115ක සමස්ත ආදායමක් ලබා ගෙන ඇතැයි පැවැසීය. කියවන්න...