Category: ප්‍රවෘත්ති

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් අයිතිය විකුණයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (09) දිනයේ දී විකුණා දමන ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර තිබේ. කියවන්න...

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත. කියවන්න...

නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ටාජ් හෝටලයක්

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

“නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ තෙමෙන තැන්වලට බාල්දි තියලා තියෙන්නේ. ඒ අකර්මණ්‍ය වූ ඌන උපයෝජිත සම්පත ඵලදායීව ඉදිරිපත් කරන්න යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. ටාජ් සමුද්‍රා හෝටලය, සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයින් වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයත් නුවර එළිය. විශේෂයෙන් ඉන්දියන් සංචාරකයෝ සීතාඑළිය හරහා එන ප්‍රදේශයට ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්.“ කියවන්න...

ප්‍රතිසංස්කරණ රැසක් ; අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන්නත් සුදානම් !

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. කියවන්න...

ලංවිම, ශ්‍රී ලන්කන් හරහා ඉන්දියානු ණය ගෙවන්න රුපියල් කොටි 231 ක් අනුමතයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය කොටසක් ගෙවා එම මුදලින් ම ඉන්දියානු ණය ගෙවීම සඳහා රුපියල් කොටි 231 ක් ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙයි

ඒ සඳහා රුපියල් බිලියන 231.5 ක අමතර වියදම් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව නිවේදනය කොට තිබේ. කියවන්න...

සියැට් කැලණි ටයර් 25 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බව ද පැවසීය. කියවන්න...

ලංකා IOC ගිය මාස 03ට කෝටි 500ක ලාභයක් උපයයි

ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව 2023 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රු. බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රු. බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ. කියවන්න...

IMF රට තුළ සිදු කෙරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු විය යුතු ප්‍රතිසංස්කරණයි

October 29, 2023 10:41 am 0 comment

ආර්ථිකමය වශයෙන් අවධානම් සහගත තීන්දු තීරණ ගැනීමට රජය මේ මොහොතේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. කියවන්න...

බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි

whatsapp sharing button

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත්  ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කියවන්න...

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතාවන් ගැසට් කෙරේ

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතාවන් ගැසට් කෙරේ

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබේ.

අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අවශ්‍යතා ගැසට් කර ඇති බව සඳහන්ය. කියවන්න...