Category: Uncategorized

පාඩුවට දුවන රාජ්‍ය ආයතන නඩත්තු කරන සහනාධාර – මහාචාර් ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එහි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවට ශ්‍රී ලංකාව සමග එළැඹි බව ඉකුත්දා නිවේදනය කරනු ලැබීය. සාමාජික රාජ්‍යයන්හි ගෙවුම් ශේෂයේ සහ විනිමය අනුපාතිකවල ඇති වන අස්ථායිතා සමනය කර ගැනීම සඳහා මුල්‍යමය හා තාක්ෂණික වශයෙන් සහායවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කර්තව්‍යයි. එම අරමුදල ලංකාව සඳහා මෙම ණය මුදල අනුමත කරන්නේ දේශීය හා විදේශීය මුල්‍ය ස්ථායීතාව ඇති කිරීම පිණිසය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන බව ප්‍රකාශයට පත් කරන ලද මෙම ණය පහසුකම සම්බන්ධයෙන් සමාජයේ වැරදි අදහස් සංසරණය වන බව පෙනේ. අදාළ ණය මුදල ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග මෙතෙක් ගිවිසුමකට එළැඹ නැති බව මගේ අදහසයි. එහෙත් ඒ අරබයා එම අරමුදල ශ්‍රී ලංකා රජය සමග මූලික එකඟතාවක් ඇති කර ගෙන තිබේ. එකී මූලික එකඟතාව සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි තීරක මණ්ඩලවල අනුමැතිය ලැබිය යුතුය. අදාළ අනුමැතිය හිමිවීම සඳහා සැපිරිය යුතු පූර් ව අවශ්‍යතා කිහිපයක් තිබේ. කියවන්න...

2006 දී අපි කතා කළ MCC ගිවිසුම යහපාලන ගිවිසුමට වඩා වෙනස් – මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

MCC ලෙස හඳුන්වනු ලබන සහශ්‍රක සහයෝගිතා සමායතන වැඩ සටහන යටතේ ආධාර ලබාගැනීමට  2006 වසරේ දී ඇමෙරිකානු ආණ්ඩුව හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර සාකච්ඡා පැවති බවට පලවන වාර්තා  සත්‍ය වුව ද එදා කතා කළේ යහපාලන ආණ්ඩුව සකස්කර ඇති වත්මන් ආකාරයේ ගිවිසුමක් ගැන නොවන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි .

රටට අහිතකර කොන්දේසි යටතේ වන ගිවිසුමකට එම රජය කිසිසේත් එකඟ නොවනු ඇති බව ද එම නිවේදනයේ සදහන් වෙයි කියවන්න...

දිළිඳු රටවලට කොරෝනා සහනයක් දෙන්නයි ලෝක බැංකුව, මුල්‍ය අරමුදල කියයි

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 කට ණය ගෙවීම සඳහා සහන ලබාදෙන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණයදෙන රටවලින් සහ  ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

මෙම රටවල් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය ලබාගැනීමේ හිමිකම ඇති රටවල් ලෙස නම්කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක් ජීවත්වන්නේ මෙම රටවල ය. කියවන්න...

ජාත්‍යන්තර ණය ගෙවීමට සහන ඉල්ලයි

කොවිඩ් 19 වසංගතයේ පීඩාවට ලක් වූ ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

මෙම වසරේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික හා පොලියේ එකතුව ඩොලර් බිලියන 4.6 කි. මෙම ණය ගෙවීම අද පවතින තත්ත්වය යටතේ කෙසේවත් කළ නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි .

ඇඳිරි නීතිය පවතිද්දී ලිට්රෝ, ලාෆ් ගෑස් සැපයීමේ ජංගම සේවා

ඇඳිරි නීතිය පැවතිය ද නිවසට ම ගෑස් සැපයීමේ ජංගම සේවා ක්‍රියාත්මක කොට ඇති බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නිවේදනය කොට ඇත.

ඒ අනුව දුරකථනයෙන් ඇමතුම් ලබාදීම මගින් නිවෙසට ම ගෑස් ගෙන්වා ගත හැකි බව එම සමාගම් කියයි.

බැංකු විවෘතකර තබන්නයි ජනපති කියයි

ඇඳිරි නීතිය පැවතිය ද , රජයේ සහ පෞද්ගලික බැංකු ශාඛා ගනුදෙනු කටයුතු සදහා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු බැංකුවලට උපදෙස් දී ඇත.

අත්‍යවශ්‍ය සේවා හා වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම සදහා පහසුකම් සැපයීමට මෙලෙස බැංකු ශාඛා විවෘතව තැබීම අවශ්‍ය බව රජය ප්‍රකාශ කරයි .

වෙළෙද නැව්වල සී මාර්ෂල්වරුන් නිරෝධායනයට

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම ආනයන, අපනයන පහසුකම් සපයන්නට එන වෙළෙඳ නෞකාවල සී මාර්ෂල්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයම රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් නිරෝධායනය ක්‍රියාවලියකට යොමුකරන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.

මේ අනුව වෙනමම පහසුකම් ඇති නිවාසවල ඔවුන්ට පහසුකම් සපයා පිටස්තර අය සමග නොගැවසෙන ක්‍රමවේදයක් යොදා තිබේ. කියවන්න...

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ ශත වර්ෂයක් පැරණි පනතකින් !

ශ්‍රී ලංකාවේ කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර ලියපදින්චිකිරීමට ඇති නීතිය ශත වර්ෂයකට වඩා පැරණි බවත් එය පනවා ඇත්තේ 1918 දී බවත් අධ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය . එමෙන්ම එහි ඇති ඇතැම් කොන්දේසි අදට නොගැලපෙන බවත් සීමාසහිත සමාගමක් සමාගම් රෙජිස්ට්‍රාර් වරයා ළග ලිය පදිංචි කරනවට වඩා කුඩා සමාගමක් ලියාපදිංචි කිරීම අපහසු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය ‘

ධනනාත් ප්‍රනාන්දු මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර මුහුණ දෙන ගැටළු පිලිබදව කළ සමීක්ෂණයක වාර්තාව එළිදැක්වීම සදහා පැවති උත්සවයකදී ය.