යාපනයේ ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට බදු දෙයි

යාපනය, කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය තොරතරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීමට වසර 50ට පමණ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දෙයි.

මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000කි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. කියවන්න...

වාහන ආනයන තහනමත් ඉවතට !

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා ක්‍රමවේද පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි. කියවන්න...

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කියවන්න...

ඉන්දු ලංකා මගී ගමන් සඳහා අධිවේගී බෝට්ටු සේවය ඇරඹෙයි

මගීන් 50 ක් නාගපට්ටනම් සිට කන්කසන්තුරයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය වඩාත් පහසු සහ ලාභදායි බවට පත්කර ඉන්දු ලංකා අධිවේගී මගී ප්‍රවාහන සේවය සෙනසුරාදා ආරම්භ වී ය.

තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර, අධිවේගී මගී යාත්‍රා සේවාවක් පෙරේදා ( 2023 ඔක්තෝබර් 14 සෙනසුරාදා)  නැවත ආරම්භ කරන ලද්දේ දශක හතරකට ආසන්න කාලයකට පසුව ය. කියවන්න...

රටවල් පහකට නිදහස් වීසා

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන රටවල් පහක් සඳහා නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කොට ඇත.

ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් සඳහා මෙම නිදහස් වීස ක්‍රමය ක්‍රියාත්මක කෙරෙයි.

කොහුවල-ගැටඹේ ගුවන් පාලම් යළි වැඩ අරඹයි

හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙරට ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට දෙරට අතර එකඟතාවකට එළඹ තිබේ. හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්ධියේ සහ ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලම්වල ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදි කිරීම අවසන් කිරීමටත්, එහි දෙවැනි අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යවරයා හමුවේ එකඟතාවට එළඹිණි. කියවන්න...

ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් පිරිසක් කොළඹට

Fortune Global 500 සමාගම් අතර 152 වැනි ස්ථානයේ පසුවන ලොව දැවැන්ත සමාගමක් වන China Merchants Group සහ එම ලැයිස්තුවේ 174 වැනි සමාගම වන China Merchants Bank හි ඉහළ පෙළේ දුත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

China Merchants Group හි සභාපති Miao Jianmin ඇතුළු මෙම පිරිස පසුගිය සිකුරාදා (21) ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හමුවී ඇත. කියවන්න...

හම්බන්තොටට දැවැන්ත ආයෝජන රැසක්. ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් තබයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) දින සිදුකෙරිණි.

නාවුක, ලොජිස්ටික්ස්, ගුදම්, තීරු බදු රහිත, ඉන්ධන සහ තෙල් අලෙවි, ඉදිකිරීම්, යොට් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති 15 ක් මීට ඇතුළත් වේ. කියවන්න...

වියදමට අනුව ඉන්ධන මිල , විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ඇමති අතට ගන්න – මුල්‍ය අරමුදලේ කොන්දේසියක

උපයෝගිතා කොමිසම වසා දමයි ?

වැයවන මිලට සරිලන සේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නියම කිරීමේ වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට පැවරෙන සේ පවතින නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි පනවා තිබේ .

මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් වන්නේ 2024 ජුනි මාසයට පෙර අදාළ නීති සංශෝධන කළ යුතු බවයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ දිළිඳු සහන තුන් ගුණයකින් වැඩි කළ යුතුයි – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි.

අලුත් සහන දීම ජුනි සිට අරඹන්න සැලසුම්

ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු බවත්, ඉදිරි කාලයේ මෙම සහන ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවයේ සඳහන් කොට ඇත.

එහි දැක්වෙන අන්දමට ශ්‍රි ලංකාවේ පහළ ම අදායම් ලබන පවුලක මාසික වියදම රුපියල් 19,246 ක් වන අතර එම කාණ්ඩයට රජයෙන් ලැබෙන දිළිඳු සහනයේ සාමාන්‍ය අගය පවුලකට රුපියල් 2,117 කි. එය පවුලේ වියදමින් සියයට 11 කට සමානය. කියවන්න...