අයි එම් එෆ් තාක්ෂණික සහය ඇතිව දුෂණ විරෝධී නව පනතක් එයි

රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ දී , සහ රාජ්‍ය අංශයේ ගනුදෙනුවල දී, දුෂණය පිටු දැකීමට ශක්තිමත් නව පනතක් ඉදිරිපති කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

රටේ දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව පියවර ගැනීම වේගවත් කිරීම නව පනතේ අරමුණ වී තිබේ. කියවන්න...

ඩොලරය තවදුරටත් පහළට. ගැනුම් මිල රු. 310ට බසී

අද (08) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310 ක් දක්වා ත් විකුණුම් මිල රු. 325 ක් දක්වා ත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

ඊයේ (07) දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබූ අතර ඒ අනුව වානිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල නියම වී තිබෙනු දැකිය හැකිය. කියවන්න...

සංචිතත් ඉහළට

සංචිතත් ඉහළට

2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි. කියවන්න...

චීනයේ ණය සහතිකය මුල්‍ය අරමුදල පිළිගනී ; සියල්ල සපුරා ඇති බව දන්වයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය ඊයේ දුන් ලිඛිත සහතිකය පිළිගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන්ගේ සියලු සහතික ලැබී ඇති බව අද දන්වා තිබේ.

අද දින මුල්‍ය අරමුදල ඒවා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 1 දා දෙපාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ සියලු කොන්දේසි මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි. කියවන්න...

අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සුදානමින්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය මෙරටට බිලියන තුනක මුදලක් දීමට එකඟ වී ඇති බව යි. කියවන්න...

රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත. කියවන්න...

රුපියල නවත්තන්න මහ බැංකුව ඩොලර් මිලියන 300 මිලට ගනී ; බඩු මිල අඩුවන බවත් කියයි

රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි.

එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ, විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇත. ඒ අනුව මහ බැංකුව සතු ඩොලර් සංචිත ද ඉහල ගොස් තිබේ. කියවන්න...

රුපියල තව නගී ; ඩොලරය රුපියල් 334 යි.

ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමත් වෙමින් ඩොලරයට රුපියල් 334 කට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වාර්තා වුයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් සහ විකුණුම් මිල රුපියල් 338.03 ක් ලෙස ය.

බදු ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි – IMF ප්‍රකාශයක්

බදු ප්‍රතිපත්තිය ගැන IMF ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.

එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය. කියවන්න...

සෘජු විදේශ ආයෝජන ඉහළ නංවන්න සන්නාම තානාපතිවරු 5ක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීමට රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කරයි.                                  

රටක ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් ඒ රටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකුවත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය, ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද  කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම  පවසයි. කියවන්න...