මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ පුරප්පාඩු වී තිබු සාමාජික තනතුරක් සඳහා ඩග්ලස් නානායක්කාර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

මෙම පත්කිරීම පසුගිය පෙබරවාරි 2 දා සිට වලංගු වනසේ පත්කර ඇත්තේ කොමිසමේ සාමාජිකත්වයේ සිටි ඉංජිනේරුවරයා පසුගිය වසරේ තනතුරින් ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබු පුරප්පාඩුවට බව කියති. කියවන්න...

ජනවාරියේ සංචාරකයින් ලක්ෂයක් ඇවිත්

2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් 102,000 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට වඩා සියයට 24.5 කින් වැඩි වී ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

2022 ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම 82,232 ක් පමණි. කියවන්න...

සියලු කොටස් නවදහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 9,000 කඩඉම පසුකරන ලදී.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවා ගියේ 2022 ඔක්තෝබර් 14 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. කියවන්න...

අපනයන ඉපැයීම් ඉහළට

අපනයන ඉපැයීම් ඉහළට

වසරක් තුළ ප්‍රථම වතාවට මෙරට අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ඉක්මවා 2022 වසරේදී වාර්තාවී ඇති බව මහ බැංකුව පවසයි.

එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9%ක වැඩිවීමකි. කියවන්න...

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය.

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය මෙයයි. කියවන්න...

ජනක රත්නායක ඉවත් කරන්න චෝදනා පත්‍රය සකස් කර අවසන් -ඇමති කංචන

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එයට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය. කියවන්න...

2023 දළ දේශීය නිෂ්පාදිතයේ සංකෝචනය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රධාන වාණිජ මණ්ඩලය අඩුවෙන් අශුභවාදී වෙයි

ශ්‍රී ලංකාවේ ඉහළම ව්‍යාපාරික මණ්ඩලය පැවසුවේ 2023 දී සියයට 2 ක් දක්වා ආර්ථික හැකිලීමක් අපේක්ෂා කරන බවත්, එය ජාත්‍යන්තර නියෝජිතායතන විසින් පුරෝකථනය කරන ලද ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු විය හැකි  බවත්ය.

“ජාත්‍යන්තර ආයතනවලට අනුව 2023 පුරෝකථනය තරමක් සෘණාත්මක ය” යනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට පැවසීය. කියවන්න...

චම්පික රණවක ක්‍රමයට විදුලිය කපමින් ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකියි – ලංවිම ඉංජිනේරුවෝ කියති

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන බව කියන්නට හිටපු ඇමති චම්පික රණවක මහතා යොදාගත් ගැන හිලව් වලංගු වන්නේ දිනකට පය දෙක හමාරක් විදුලිය කපු කාලයකට බවත්, එලෙස ම විදුලිය කපන්නේ නම් විදුලි ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.

චන්පික රණවක මහතා පසුගියදා කීවේ පසුගිය සැප්තැම්බර් , ඔක්තෝබර්, නොවැම්බර් මස තුනේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 108 ක් ආදායම් ලබා ඇති බව සහ වියදම ද බිලියන 108 ක් වූ බවයි. මුල්‍ය වියදම් අත් හැරියහොත් මණ්ඩලය ලැබ බව කී ඒ මහතා එම කාලයේ මෙම වියදම පාලනය කළේ පය දෙක හමාරක් විදුලිය කපමින් බව ප්‍රකාශ කළේ නැත. එමෙන් ම එම මාස තුනේ වැඩි වශයෙන් වැස්ස ලැබීම ද එම තත්ත්වයට හේතු වූ බව රණවක මහතා කීවේ නැත. කියවන්න...

ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා – ජනපති

ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා - ජනපති

මීටත් වඩා බදු බරක් ජනතාව මත පැටවීමට IMF සංවිධානය උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාවගේ තත්ත්වය තේරුම් ගෙන බව ජනාධිපතිවරයා පැවසීය. කියවන්න...

ජපානයේ ආධාරයෙන් බෙරේ වැව පිරිසිදු කෙරෙයි

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇත. කියවන්න...