IMF එකඟතා අනුව බදු අඩු කරන්න බෑ – මහබැංකු අධිපති ජනපතිට දැනුම් දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග වත්මන් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී, යෝජිත බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව ඉතාමත් අසීරු තත්වයකට මුහුණ පා ඇති බැවින් එය නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්. කියවන්න...

රුපියල හිස ඔසවයි

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේවැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකය පෙන්වා දී ඇත.

ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ  වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ.එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සියයට 45.62 කින් අවප්‍රමාණය වී තිබේ. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පදනම් මහ බැංකු අධිපති හෙළිකරයි

කපාහැරීමක් ඉල්ලුවේ නැහැ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, සියලු ද්වි පාර්ශවික ණය හිමියන්ට සමානව සැලකීම, ණය කපා හැරීමක් ඉල්ලා නොසිටීම සහ ශ්‍රී ලංකාව ණය නොගෙවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ලැබුණු ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම තම ප්‍රධාන ප්‍රතිපත්ති තුන වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

තමන් ඉල්ලා සිටියේ ණය ගෙවීමට වැඩි කාලයක් සහ පොලී සඳහා සහනයක් බව ද ඒ මහතා කියයි. කියවන්න...

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ඊයේ (2022 ජනවාරි 24) පැවති රැස්වීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත. කියවන්න...

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු – දුෂාණි එදිරිසිංහ

“බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට  වූනෙත් රුපියල් 12  13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන්  ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත්  අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා. කියවන්න...

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.23 කින් ඉහළ ගොස් ඒකක 8,718.15 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 88.45කින් ඉහළ ගොස් ඒකක 2,724.22 ක් ලෙසින් වාර්තා විය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණයහිමියන්ට ඉන්දියාවෙන් දැනුම්දීමක්

 ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය. කියවන්න...

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි. කියවන්න...

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබේ. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති මැතිසබයට කියයි

  • ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු
  • 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්
  • මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. කියවන්න...