උද්ධමනය සියයට දශම නවයට බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසට ය. කියවන්න...

ඩොලරය බහින එක හොඳද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්.ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස සලකනවා. ඩොලරයක මිල ඉහළ යද්දී එය ආර්ථිකයේ කඩා වැටීමක් විදිහටත්, මිල අඩු වෙද්දී එය ආර්ථිකය ස්ථායී වීමක් විදිහටත් දකිනවා. ලංකාවේ දේශපාලනයේ දිශානතිය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි, ආනයන පරිභෝජනය මත ජීවිතයේ සන්තුෂ්ඨිය රඳවා ගත්, ලංකාවේ ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ ආර්ථික අභිලාෂ එක්ක මේ සිතීම සමපාත වෙනවා.මේ විදිහට ඩොලරයක මිල “කඩා වැටීම” ඇත්තටම හොඳද?ඉහත ප්‍රස්ථාරය දිහා බැලූ විට “කඩා වැටීම” කියන වචනය යොදා ගැනීමේ ලොකු වැරැද්දක් පේන්න නැහැ. මිල පහත යන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මේ දවස් වල ලංකාවේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සැලකිය යුතු තරම් වැඩියි.පෙර ලිපියකද විස්තර කළ පරිදි මීට හේතුව ණය නොගෙවීම නෙමෙයි. ණය ගෙවපු කාල වකවානු වල, හැම විටම මෙන්, ණය ගෙවුවේ අලුතෙන් තව ණය අරගෙනයි. ඒ නිසා, ණය නොගෙවනවා කියන එක ඒ තරම් බරක් තැබිය යුතු නැති තර්කයක්. සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙන පරිදි, මේ දවස් වල ලංකාව උපයන ඩොලර් ප්‍රමාණය වැය කරන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියි.වාහන ආනයන වලට තවමත් ඉඩ දී නැති බව ඇත්ත. නමුත්, වඩා වැදගත් කරුණ මහ බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආනයන ඉල්ලුම සීමා කර තිබීමයි. වාහන හැර අනෙකුත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ඒ නිසා. අපනයන ආදායම් හා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ඇතුළත් සේවා ආදායම් වලට ශ්‍රමික ප්‍රේෂණ එකතු වූ විට සෑම මාසයකදීම ආනයන වියදමට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා.මේ වගේ වෙනසක් එක්ක විදේශ විණිමය වෙළඳපොළ තුලනය වෙද්දී ඩොලරයක මිල දවසෙන් දවස බහිනවා. එය නවතින්නේ ආනයන ඉල්ලුම ඩොලර් සැපයුමේ මට්ටමට ඉහළ ගිය විටයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශද එක්ක මහ බැංකුව ඉන්නේ පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තියක. ඒ අනුව, ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කලින් නිශ්චය කර තිබෙන මට්ටමක් දක්වා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නවා. ඩොලරයක මිල මේ විදිහට කඩා වැටෙන්නේ එසේ කරද්දී. මහ බැංකුවේ මැදිහත් වීම් නොවන්නට මේ වෙද්දී ඩොලරයක මිල මීට වඩා ගොඩක් අඩුවෙලා.ඩොලරයක මිල අඩු වීමේ වාසි වගේම අවාසිත් තිබෙනවා. මෙයින් පාඩු ලබන ප්‍රධානම පාර්ශ්වය අපනයනකරුවෝ. ඩොලරයක මිල ඉහළ යද්දී තේ වගාකරුවන් වැනි අයගේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුනා. මීට සාපේක්ෂව කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප්ද වැඩි වුනා. දැන් තේ ආදායම් ලෙස ලැබෙන මුදල අඩු වෙද්දී ශ්‍රමිකයින්ට ගෙවිය යුතු මිල අනුපාතිකව අඩු වෙන්නේ නැහැ.කොහොම වුනත්, මම හිතන විදිහට, ශ්‍රමික වැටුප් ඩොලරයක මිල ඉහළ ගිය තරමටම වැඩි වී නැති නිසා ඩොලරයක මිලේ යම් අඩුවීමක් දරා ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මේ සීමාව ගැන මට අදහසක් නැති වුනත්, ඩොලරයක මිල දිගටම පහළ වැටෙද්දී එය කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන බවනම් පැහැදිලියි. මෙය අනෙකුත් අපනයන කර්මාන්ත වලටත් අඩු වැඩි වශයෙන් අදාළයි.ඩොලරයක මිල පහත වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයට ලැබෙන රුපියල් ප්‍රමාණයද අඩු වෙනවා. එය ඔවුන්ට අවාසියක්. ලැබෙන මුදලෙන් තමන්ගේ වියදම තියාගෙන වැඩි කොටස කොහොමටත් ලංකාවට එවන අයට ඩොලරයක මිල කීය වුනත් එවන මුදල වැඩි කරන්න බැහැ.ලංකාවට ප්‍රේෂණ එවන ගොඩක් අය ඔය වගේ අය වුනත් හැමෝම ඔය කාණ්ඩයේ අය නෙමෙයි. කාලයක් තිස්සේ ඇමරිකාවේ පදිංචිව සිටින මම දන්නා ගොඩක් අය ලංකාවට මාස්පතා සල්ලි යවනවා. ඒ විදිහට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටම නෙමෙයි. උදාහරණයක් ලෙස ගොඩක් අය ලංකාවේ තෝරාගත් පාසැල් සිසුන්ට හා සරසවි සිසුන්ට උදවු කරනවා. එහිදී ඔවුන් කරන්නේ මාස්පතා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් යවන එක නිසා ඩොලරයක මිල අඩු වෙද්දී වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට යවන්න වෙනවා. මේ වගේ ප්‍රේෂණ හා අදාළව ඩොලරයක මිල අඩුවීම කෙටිකාලීනව ලංකාවට වාසිදායකයි.සංචාරක ලැබීම් සැලකුවොත් ගොඩක් වෙලාවට සංචාරකයින්ගෙන් අය කරන්නේ රුපියල් වලින්. ගාස්තු ඩොලර් වලින් කිවුවත් ඩොලර් වලට හරවන්නේ රුපියල් ගණන නිසා ඔවුන් ගෙවන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල අඩු වෙද්දී සංචාරක ලැබීම් ලෙස රටට එන විදේශ විණිමයද ඉහළ යනවා. අඩු වශයෙන් කෙටිකාලීනව.ඩොලරයක මිල අඩු වෙද්දී, අඩු වශයෙන් කෙටිකාලීනව, ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ යන නිසා, අපනයන වල යම් අඩුවක් වුනත් එය පහසුවෙන්ම නිශේධනය වෙනවා. දිගුකාලීනව විය හැකි බලපෑම් වෙනම කතාවක්. නමුත්, ප්‍රශ්නය අනෙක් අතට ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානමයි.මහ බැංකුව විසින් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානම පාලනය කර තිබෙන්නේ මුදල් සැපයුම පාලනය කිරීම හරහා. කොහොමටත් යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ මුදල් සැපයුම වැඩි කළ හැක්කේ යම් සීමාවන් තුළ පමණයි.ඩොලරයක මිල පහළ යද්දී ආනයන වඩා ආකර්ශනීය වීම ඉතාම පැහැදිලි කරුණක් වුනත් ඒ වෙනුවෙන් වැය කිරීම සඳහා ඩොලර් මිල දී ගන්න රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා, රුපියල් සැපයුමේ ප්‍රසාරණය සීමා වෙද්දී ආනයනද පාලනය වෙනවා. කොහොම වුනත්, ඩොලරයක මිල “කඩා වැටීමේ” ප්‍රශ්න තියෙනවනේ. මහ බැංකුවට මැදිහත්වීම් වැඩි කරලා මේ කඩා වැටීම නවත්වන්න බැරිද?පුළුවන්. නමුත් එහෙම කරද්දී රටේ රුපියල් සැපයුම ඉහළ යනවා. මොකද ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. වෙනත් වචන වලින් කිවුවොත් යම් සීමාවකින් එහාට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නනම් සල්ලි අච්චු ගහන්න වෙනවා.සල්ලි අච්චු ගහන්නෙත් නැතුව වෙළදපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?එහෙම ක්‍රමයකුත් තියෙනවා. මහ බැංකුව දැන් බොහෝ දුරට අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඩොලර් මිල දී ගනිද්දී එළියට යන රුපියල් ප්‍රමාණය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණලා නැවත ආපසු ලබා ගන්න පුළුවන්. එවිට වෙළඳපොළේ රුපියල් ප්‍රමාණය වැඩි නොකර ඩොලර් ටිකත් එකතු කර ගන්න පුළුවන්.එහෙමනම් ඔය වැඩේ නොකරන්නේ ඇයි?මේ වෙද්දී රජය ප්‍රාථමික අයවැය හිඟය තුලනය කරගෙන තිබෙනවා. ඒ නිසා, රජයේ වියදමට අලුතෙන් ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම, දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයම නැවත අලුත් කරනවා මිස වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ස්ථාවරව තිබෙනවා.එසේ වුවත්, දැනට නිකුත් කර තිබෙන රාජ්‍ය සුරැකුම්පත් වලින් විශාල කොටසක් තියෙන්නේ මහ බැංකුව සතුවයි. මහ බැංකුව ඒ රාජ්‍ය සුරැකුම්පත් එළියට දමද්දී වෙළඳපොළේ තිබෙන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ ගිහින් ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. රජය අලුතෙන් සුරැකුම්පත් නිකුත් කරද්දී වෙන දෙයමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොලී අනුපාතික ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට බාධාවක්.බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් වැඩි වැඩියෙන් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරද්දී පෞද්ගලික අංශයට ණය සේ ලබා දිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ආර්ථික වර්ධනයට බාධා වෙන්නේ ඒ නිසා. පෞද්ගලික අංශයට දෙන ණය ඕනෑවට වඩා ඉහළ ගියොත් ආනයන ඉල්ලුම සීමාව පනින නිසා ඒකත් ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික වර්ධනය සඳහා මෙම ණය වල යම් වර්ධනයක් අවශ්‍යයි. මේ සියල්ල තුලනය කර ගන්න එක සීරුමාරුවට කළ යුතු සංකීර්ණ වැඩක්.ඉහත විස්තර කළ පරිදි, මහ බැංකුව උත්සාහ කරන්නේ විනිමය අනුපාතය හා පොලී අනුපාතික යන දෙකම එකවර පාලනය කරන්නයි. මූලධර්මයක් විදිහටම ඔය දෙකම එකවර පූර්ණ වශයෙන් පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය අවශ්‍ය විදිහට පාලනය කරන්නම් පොලී අනුපාතික නිදහස් කරන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අමතක කරන්න වෙනවා. පොලී අනුපාතික අවශ්‍ය විදිහට පාලනය කරන්නනම් විණිමය අනුපාතය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න වෙනවා. මහ බැංකුව දැනට උත්සාහ කරන්නේ ඔය දෙකම යම් තරමකින් නිදහස් කර සහ යම් තරමකින් පාලනය කර උද්ධමන ඉලක්ක හා ආර්ථික වර්ධනය අතර තුලනයක් පවත්වා ගන්නයි.මැදිකාලීනව මහ බැංකුවට විදේශ සංචිත සැලකිය යුතු ලෙස වැඩි කරගන්න සිදු වෙනවා. ඒ වගේම, දැනට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කන්දරාවෙන් නිදහස් වෙන්නත් වෙනවා. මේ දෙක එකවර කරද්දී විණිමය අනුපාතය ඉහළට තෙරපෙනවා වගේම පොලී අනුපාතිකත් ඉහළට තෙරපෙනවා. පළමුවැන්න ආර්ථික වර්ධනයට නරක නැතත් දෙවැන්න ආර්ථික වර්ධනයට හානිකරයි. ඒ නිසා, මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් එළියට දමමින් සිටින්නේ එයින් පොලී අනුපාතික මත වන පීඩනයද කළමනාකරණය කරමිනුයි. මේ වැඩේ කරන නිසා, මහ බැංකුවට මිල දී ගත හැකි විදේශ විණිමය ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා, ඩොලරය බහිනවා.#ඉකොනොමැට්ටා

ECONOMATTA.BLOGSPOT.COMඩොලරය බහින එක හොඳද?sri lanka economy

ඉන්දියාව සහ පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට වසර හයක ණය සහන කාලයක්

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. කියවන්න...

ණය හිමියන් සමග සාකච්ඡාව ලබන සතියේ ලන්ඩන් හි දී

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පෞද්ගලික ණය හිමියන සමග සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙන බව බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට ඇත.

ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සෙනෙවිරත්න සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් සහභාගී වනු ඇති බව යි. කියවන්න...

ඩොලරය රුපියල් 307.70 / 90 දක්වා අඩු වෙයි

අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත.

ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි. කියවන්න...

ජාත්‍යන්තර ණය ගෙවන්න වසර පහක සහන කාලයක් ! වසරක ගෙවීම අඩකින් අඩුවෙයි !! – ජනාධිපති

මෙරට විදේශ ණය ගෙවීමේ දී 2023 සිට 2027 දෙසැම්බර දක්වා වසර පහක සහන කාලයක් ලැබෙනු ඇතැයි ද, වසරකට ගෙවන ණය ප්‍රමාණය අඩකින් අඩු වනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එමෙන් ම ණය ගෙවීම සඳහා 2042 දක්වා කාලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කී ය. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් අත්සන් කරන්න බලා ඉන්න වෙලා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

පැරිස් සමාජය සහ ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන් සමඟ අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්  අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවට පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟත්වය ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය හැකි බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

පැරිස් සමාජය සහ ඉන්දියාවෙන් සැදුම්ලත් නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී ඇත. චීනයේ එක්සිම් බැංකුව ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී තිබේ.. කියවන්න...

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)

නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.

අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. කියවන්න...

සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 342 ක්

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.

මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ. කියවන්න...

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස) – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. කියවන්න...