ලෝකාන්තය බලන්න කේබල් කාර්

ජනාධිපති උපදෙස් දෙයි

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි

ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. කියවන්න...

ජාතික උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි. කියවන්න...

කොළඹ වරාය නගරයට නව වීසා ර්වග කිහිපයක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

කොළඹ වරායේ නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්,මූල්‍ය,තොරතුරු තාක්ෂණය හා සංචාරක,වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා මෙම නව වීසා වර්ගය හඳුන්වා දී තිබේ.  කියවන්න...

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනයට – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කියවන්න...

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා)  සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.

2022 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,231 ක් ලෙස වාර්තා වී ඇත. කියවන්න...

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

 වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. කියවන්න...

ලබන වසරේ ආර්ථිකයට ඩොලර් බිලියන 8ක් – විදේශ ඇමැති අලි සබ්‍රී

ලබන වසරේ ඩොලර් බිලියන 8ක්

ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවය.

ජපාන සැහැල්ලු දුම්රිය ණය ගිවිසුම අවලංගු කොට නැහැ

වන්දි ගෙවන්නත් සිදුවන ලකුණු

ජපාන රජයේ සහන ණය ආධාර  යටතේ ඉදිකිරීමට යෝජිතව තිබු සැහැල්ලු දුම්රිය පද්ධතියේ පළමු කොටස ලෙස කොළඹ සිට මාලබේ දක්වා කොටස ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින් ඒක පාර්ශවිකව අවලංගු කළ ද , ඒ සඳහා ජපානයේ ජයිකා ආයතනය සමග තිබු ණය ගිවිසුම අවලංගු කොට නැති බව හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙයි.

එම ණය මුදල වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව ජපානයේ ජයිකා ආයතනයට දන්වා ඇතත්, විකල්ප ව්‍යාපෘතියක් ගැන සාකච්ඡාවක් හෝ කර නැත. එමෙනම් එම මුදල වෙනත් ව්‍යාපෘතියකට ලබාදීමට ජයිකා ආයතනය කැමැත්ත ප්‍රකාශ කොට නැත. කියවන්න...

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ තවදුරටත් ඉහළට

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබේ.

ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. කියවන්න...