සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානයේ කැමැත්ත

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ. කියවන්න...

ණය ර්අබුද විසඳන්න සහය දෙන්න චීන බැංකු එකඟ වුණා – ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්

ණය ර්අබුද  විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට චීන බැංකු එකඟ වූ බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කොට තිබේ,

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා පවසයි. කියවන්න...

වැට් බදු , ආදායම් බදු පනත් සම්මතයි ; නව ආදායම් බද්ද ජනවාරි 1 දා සිට

එකතු කළ අගය මත බදු (වැට් බදු ) පනත දේශීය ආදායම් පනත අද පාර් ලිමෙන්තුවේ දී සම්මත වී ය.

එකතු කළ අගය මත බදු පනත තෙවැනි වර කියවීමේ දී පක්ෂව ඡන්ද 82 ක් සහ විපක්ෂව 41 ක් ලැබුණු අතර දේශීය ආදයම් පනත සඳහා පක්ෂව 79 ක් සහ විපක්ෂව 36 ක් ලැබිණි. කියවන්න...

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සුදානම් – චීන අගමැති මුල්‍ය අරමුදලේ ප්‍රධානීට කියයි

ණය ගැන චීනය දුන් පොරොන්දුව

තුන්වන ලෝකයේ රටවල ණය පරතිව්යුහගතකිරීමේ ක්‍රියාවලියකට චීනය එකඟ බව චීන අගමැති ලී කෙචාන්ග් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියා මහත්මියට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. චීන අගමැතිවරයා පවසා ඇත්තේ ජී 20 කණ්ඩායමේ සාමාජිකයින් සමග එක්ව සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට තමන් එකඟ වන බව යි. චීන අගමැති ලී කෙචාන්ග් මහතා   ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ඊයේ (08)  හමුවී කළ සාකච්ඡාවේ දී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ . එහි දී  සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද  ප්‍රතිඥා දී තිබේ.

චීන රජයෙන්එ කළ ආරාධනයක්ම අනුව මෙම හමුව චීනයේදී සිදුව තිබුණි. කියවන්න...

ශ්‍රී ලංකාව සංචාරක ආයෝජකයින්ට අක්වෙරළ දූපත් 60ක් පිරිනැමීමට සූදානම්: රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

සංචාරක සංවර්ධනයට ජල විලා

ශ්‍රී ලංකාව ජල විලා ඉදිකිරීම සඳහා ආයෝජකයින්ට කල්පිටියෙන් දූපත් 60 ක් පිරිනැමීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය

“ජල විලා හදන්න අවශ්‍ය ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා,” අමාත්‍ය අමුණුගම පාර්ලිමේන්තුවේදී පැවසීය.
කියවන්න...

මෙරට නිල සංචිත වත්කම්වල ර්වධනයක්

මෙරට නිල සංචිත වත්කම්වල වර්ධනයක්

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙසටය. කියවන්න...

ප්‍රතිව්‍යුහගත නොකර ශ්‍රී ලංකාවේ ණය තිරසර කරන්න චීනය යෝජනා කරයි !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයේ දී චීනයේ යෝජනාව වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව තවත් ආධාර සපයමින් ණය තිරසාර බව ඇතිකිරීම බව චීනයේ ප්‍රකාශ නිරීක්ෂණය කරන විචාරකයෝ කියති.

චීනයේ මෑත කාලීන ප්‍රකාශ මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සඳහා විසදුම් ලබාදීමට ජාත්‍යන්තර සංවිධාන එකට වැඩ කළ යුතු බව යි. ණය ප්‍රතිව්යුහගතකිරීම යන වචනය හෝ භාවිතා කිරීමෙන් චීනය වැළකී සිටින බව නිරීක්ෂණය කොට තිබේ. කියවන්න...

2015-2019 ආර්ථික ප්‍රතිපත්ති අරගලය ‘යුද්ධයක්’ වූ බව ශ්‍රී ලංකා ජනපති කියයි

තමාගේ අවසන් ධූර කාලය තුළ අභ්‍යන්තරයට යොමු වූ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ආපසු හැරවීමට සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කිරීමට ඔහු දැරූ උත්සාහයට දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් යන දෙඅංශයෙන්ම විරෝධතා එල්ල වූ බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

“අගමැතිවරයා ලෙස ගත කළ වසර 4.5 තුළ මෙම ආර්ථිකය වෙනත් දිශාවකට ගෙනයාමට ගත් උත්සාහය” ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආර්ථික සමුළුවේ දී පැවසීය. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය ර්අබුදය ගැන මුල්‍ය අරමුදලේ ප්‍රධානීට , ලෝක බැංකු සභාපතිට චීනයෙන් කැඳවීමක්

මේ සතියේ බෙයිජිං නුවරට එන්න කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මියට සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතාට මේ සතියේ චීනයේ බෙයිජිං  නුවරට පැමිණෙන ලෙස ආරාධනය කොට ඇති බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.

චීනයේ බෙයිජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී  එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාවෝ ජින් මහත්මිය ප්‍රකාශ කළේ චීනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග ශක්තිමත් දිගුකාලීන සබඳතා ඇති බව සහ ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහය වීම සඳහා එම සම්බන්දතා උපයෝගී කරගන්නා බව යි. කියවන්න...

විදුලි බිල වැඩි නොකලොත් පැය හත අටක විදුලි කැපීමක් – ඇමැති කාංචන විජේසේකර

විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය. කියවන්න...