කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි දදෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවදජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කියවන්න...

කොළඹ වරායේ නැගෙනහිර ර්පයන්තය ජපානයට – ජනාධිපති

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත. කියවන්න...

ණය නොකපන ප්‍රතිව්‍යුහගත කිරීමකින් ශ්‍රී ලංකාවට වැඩක් නැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

ප්‍රධාන මාධ්‍යවල පළ වී ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉන් කොටසක් කපා හැරීමකින් තොරව සහන කාලයක් පමණක් ලැබෙන්නේ නම් එයින් මෙරටට විශාල සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විද්‍යාඥ ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

එයට හේතුව ලෙස ඒ මහතා කියන්නේ එම සහන කාලයෙන් පසු පොලියත් සමග ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවීමයි. කියවන්න...

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කපා හැරීමක් නැහැ !

එකඟත්වයකට පහසුවක් !!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන  යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති.

මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද අපහසු නොවනු ඇතැයි කියති. කියවන්න...

කලාපීය වෙළෙඳ ගිවිසුමකට ප්රුමුඛතාව දිය යුතුයි – ආර්ථික විද්යාගඥ අනුෂ්ක විජේසිංහ

ශ්‍රී ලංකාව ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කරනවා වෙනුවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට  (RCEP) සම්බන්ධ වීම ප්‍රමුඛතාවය ලබා දිය යුතු ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අනුෂ්ක විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.  .

” වෙළඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගැනීමට අපට රජය තුළ හැකියා සහ තාක්ෂණික සම්පත් නැතැයි”  ආර්ථික විද්‍යාඥ අනුෂ්කා විජේසිංහ කොළඹ පැවති ව්‍යාපාරික සංසදයකට ප්‍රකාශ කළේය. කියවන්න...

ශ්‍රී ලංකාවට වසර 10 ක් ණය සහන කාලයක් – පැරිස් ක්ලබ් යෝජනා කරයි

ප්‍රතිව්‍යුහගත කිරීමට තව වසර 15 ක්

ශ්‍රී ලංකාවේ පවතින මුදල් අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්  සඳහා  ණය දෙන ජාතීන්ගේ පැරිස් ක්ලබ් කණ්ඩායම යෝජනා කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

එසේ වුව ද ,  ශ්‍රී ලංකාවේ ප්‍රධන ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව  ලෝකයේ ප්‍රධාන ණය දෙන රටවල් කණ්ඩායම වන පැරිස් ක්ලබ් සමාජයේ සාමාජිකයෝ නොවෙති. කියවන්න...

සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළ යයි

සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා හෙළිදරව් කරයි.

මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ද නොවැම්බර් මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5 ක ආදායමක් උපයාගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ. කියවන්න...

මෙරට උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

 අද (30) නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක අගය නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා පහළ ගොස් ඇත. කියවන්න...

IMF මූල්‍ය සහනය ගැන සුබ ආරංචියක් – ජනවාරි සිට රට ගොඩ යනු ඇති බව ආචාර් ය කුමාරස්වාමි කියයි

IMF මූල්‍ය සහනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය එලඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

“CT- CLSA දකුණු අසියානු ආයෝජන සමුළුව” අමතමින් ඔහු ප්‍රකාශ කළේ දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලාංකික වැඩසටහනක් බවය. කියවන්න...

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර් ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කියවන්න...