බැංකු පොලී අනුපාත පහළට – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ බැංකු පොලී අනුපාතික ඉදිරි දිනවල පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොදගේ මහතා ප්‍රකාශ කරයි.

තැන්පතු සඳහා බැංකු අතර තරඟ කිරීම නවත්වන ලෙස මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා බැංකුවලට පසුගිය දා උපදෙස් දීමෙන් මේ බව පැහැදිලි වන බව ඒ මහතා පෙන්වා දෙයි. කියවන්න...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලේ බරපතළ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය. කියවන්න...

විදේශගත ප්‍රජාවගෙන් ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. කියවන්න...

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට හේතුව බව සිතිය හැකි ය. ඒ අනුව එබඳු වැඩ සටහන් ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක් ම නව ලිබරල් කියා හැඳින්වීමට වාමාංශිකයෝ පෙළඹී සිටිති. මෙම ඇතැම් ප්‍රතිපත්ති සහ/ හෝ ක්‍රියාමාර්ග වෙනත් ආර්ථික දර්ශන සමග ද ක්‍රියාත්මක කළ හැකි බව ඔවුහු නොදනිති. නැතහොත් නොපිළිගනිති.

මෙරට ප්‍රකට වාමාංශික බුද්ධිමතෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මාස කිහිපයකට පෙර අනිද්දා පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ නව ලිබරල්වාදය ගැන වමේ අලුත් විවේචනයක් අවශ්‍ය බව යි. ඒ මහතාට එබඳු නව විවේචනයක් ගොඩ නගා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට නැතත්, එම ලිපියෙන් එක් කරුණක් පිළිගෙන ඇති බව පෙනෙන්නට තිබිණි. එනම්, නව ලිබරල්වාදය පිලිබඳ වමේ විවේචනයේ කිසියම් වරදක් ඇති බව යි. කියවන්න...

අයි එම් එෆ් අනුමැතිය ප්‍රමාද වුණත් දැන් අවුලක් නැහැ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහෙත් යම් හෙයකින් එය ප්‍රමාද වුව ද, දන තිබෙන මුදල් තත්ත්වය යටතේ අරතිකය කළමනාකරණය කරගත හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර් ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

යම් හෙයකින් මෙම අනුමැතිය ලබා ගැනීමේ දෙසැම්බර් ඉලක්කය සපුරා ගත නොහැකි වුවහොත් , ජනවාරි මාසයේ එය කරගත හැකි බවත්, මාර් තු වන තෙක් සිටිය යුතු බවට පලවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ඒ මහතා කියයි. කියවන්න...

බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

 බැංකු වලින්කු ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. කියවන්න...

2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගුයි – ලංකා වාණිජ මණ්ඩලය

2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට මූලික වනු ඇති බව ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය (CCC) ඊයේ (202211.15 ) ප්‍රකාශ කළේ 2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා කාලෝචිත ආකාරයකින් ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට යාහැකි වන බවයි. කියවන්න...

ආනයනික භාණ්ඩ රැසක සෙස් බදු ඉහළට

පසුගිය කාලයේ ආනයනය සීමා කර තිබු භාණ්ඩ රැසක සෙස් බදු ඉහළ දමා  ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ බදු වැඩි කිරීමත් සමග ආනයනයට තිබු සීමා ඉවත්වනු ඇති බවයි.

මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ යෝජනා අනුව මෙම බදු වැඩි කිරීම ඊයේ සිට ක්‍රියාත්මක කොට තිබේ. කියවන්න...

ශ්‍රී ලංකාවට මූල්‍ය සුරක්ෂිතතාවය පිලිබඳ ණයහිමියන්ගේ සහතිකය කඩිනමින් ලබාදීම අවශ්‍යයි – ජී 20 රාජ්‍ය නායකයෝ කියති

චීන ජනාධිපති ෂී ජින්පින් , ඉන්දියාවේ මෝදී , ඇමෙරිකාවේ බයිඩන් සහභාගී වෙති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉදිරි මූල්‍ය සුරක්ෂිතතාවය පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් සහතිකයක්  ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා දීම අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති හෙයින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවය. කියවන්න...

විදේශ ප්‍රේෂණ ඉහළට ; ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

විදේශ ප්‍රේෂණ වල වර්ධනයක්

පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවය. කියවන්න...