වැට් බදු පනත ව්‍යවස්ථාවට එකඟයි – ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව පාර් ලිමෙන්තුවට දැනුම් දෙයි

වැට් බදු ( සංශෝධන) පහත කෙටුම්පත සමස්තයක්  ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි නොවන බව ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර් ලිමෙන්තුවට අද දැනුම් දුන්නේ ය.

එයට අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ගෙන එන බැවින් මෙම තීන්දුව ලබා දී ඇති බව ද දැනුම් දෙනු ලැබීය.

සංවේදී අයි එම් එෆ් ගිවිසුම පිටවෙලා – ආචාර් ය ර්හෂගෙන් චෝදනාවක්

තොරතුරු පිට ගියොත් ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනා වගේ වේවි

ආණ්ඩුව පාර් ලිමෙන්තුවේ මුදල් කාරක සභාවට පවා නොදුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම නිලධාරීන් මගින් වෙනත් අය අතට පත්ව ඇති බවත්, එහි පිටපතක් තමන්ට ද ලැබුණු බවත්, ඊයේ පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළ ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා එහි ඇති සංවේදී කරුණු හෙළිදරව් වුවහොත් එය ඇතැම් ව්‍යාපාරිකයින්ට ලොතරැයි ඇදුනු තත්ත්වයක් වනු ඇතැයි ද  කීය.

එම ලියවිල්ල පාර් ලිමෙන්තුවට පෙන් වූ ර්හෂ ද සිල්වා මහතා එහි ඉතා සංවේදී කරුණු අඩංගු වන බැවින් තම එය සභාගත නොකරන බවත්, එහි අඩංගු කරුණු ප්‍රකාශ නොකරන බවත් වැඩි දුරටත් පැවසීය. කියවන්න...

ඉන්දියාවේ අදානිට ලබා දුන් කොළඹ වරායේ බටහිර ර්පයන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

ඩොලර් මිලියන 789 ක ආයෝජනයක්

ඉන්දියාවේ අදානී සමාගමේ ආයෝජනයක් වන කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්  ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විශේෂ ආරාධිතයෙකු ලෙස එම අවස්ථාවට සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 789ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. එයට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය 51%ක් ආයෝජනය කර ඇති අතර ජෝන් කීල්ස් සමගම සතුව 34%ක කොටස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 15%ක  ලෙස කොටස් හිමිවේ. කියවන්න...

ණය කළමනාකරණයට ජනපති-IMF ප්‍රධානී අතර සාකච්ඡාවක්

ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික COP 27 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ණය කළමනාකරණය පිළිබඳ ඊයේ (09) සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවට ඝානාවේ මුදල් ඇමැති කෙන් ඔෆෝරි අටා සහ මාලදිවයින් කථානායක මොහමඩ් නෂීඩ් මහත්වරුන් ද එක්ව සිටි අයුරු.

දිනමිණ 

මුදල් නෝට්ටු මුද්‍රණය රිවස් කරයි ; බිලියන 8.7 ක් එක් මසක දී වෙළෙඳපොළෙන් ඉවතට

බැංකු ක්‍රමයෙන් ගත් ණයත් අඩු කරයි

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික ර්අබුදයකට ගොදුරුවීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන මහ බැංකුවේ මුදල් නෝට්ටු මුද්‍රණය පසුගිය සැප්තැම්බර් මාසයේ ආපසු හරවා රුපියල් බිලියන 8.7 ක මුදලක් වෙළෙඳපොළ වෙතින් ඉවත් කරගෙන ඇති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන් ම බැංකු ක්‍රමයෙන් රජයට ලබාදුන් ණය ප්‍රමාණය ද විශාල ලෙස අඩු වී තිබේ කියවන්න...

පුර්නජනනීය බලශක්තියට විදුලි මාපියාවෙන් ලෙඩ

පුර්නජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් සපයන විදුලියට මුදල් ගෙවීම දිගින් දිගට ප්‍රමාද කිරීමත්, නව ව්‍යාපෘති සඳහා ඉටු කළ නොහැකි කොන්දේසි පැනවීමත් මගින් ඒවා අධෛර්යමත් කරමින් ලබන වසරේ සිට යලි හදිසි විදුලි මිල දී ගැනීමේ සැලැස්මක් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි මාෆියාව විසින් ක්‍රියාවට නංවා  ඇති බව එම ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර් ග කියයි.

මණ්ඩලයට විදුලිය නිතිපතා සපයන කුඩා ජල විදුලි ව්‍යාපෘති ඇතුළු පුනර් ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල සැපයුම් සඳහා 2021 නොවැම්බර් මාසයෙන් පසු මුදල් ගෙවා නැති අතර එම ව්‍යාපෘති හිමියන්ට තම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සියලු දෙනා ම පාහේ බැංකුවලින් යළි කිසිදු ණයක් හෝ පහසුකමක් ලබාගත නොහැකි වන සේ අසාදු ලේඛන ගත වී තිබේ. එමෙන් ම එම ආයතනවල ලක්ෂ ගණනක් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමෙන් ඔවුන් බරපතළ ලෙස පීඩාවට පත් වී ඇතැයි වාර්තා වෙයි. කියවන්න...

තරඟකාරී ජාත්‍යන්තර වෙළෙඳාමට ජනපතිගෙන් උපදෙස්

අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරීත්වය ර්වධනය කර ගැනීමට සහ ඊට ගැළපෙන පරිදි දේශීය ර්කමාන්තකරුවන්ට වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සකසමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය. කියවන්න...

අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

එම වැඩසටහනට අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතය. කියවන්න...

ශ්‍රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට

මාස කිහිපයක දී බැංකු පොලියත් පහළට !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග  ප්‍රකාශ කරයි.

අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට තිබිණි. කියවන්න...

උද්ධමනයේ තරමක අඩුවක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ. කියවන්න...