බදු පැනවීමේ අමිහිරි යථාර් ථය – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ
මේ අවස්ථාවේ නොකරම බැරි දෙයක්

වත්මන් ආණ්ඩුවෙන් පසුගියදා පැනවූ සහ ඉහළ නැංවූ බදු සහ එම බදු මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට අපනයන අංශයට බලපාන ආකාරය සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මෙතෙක් නොවූ ආකාරයේ බදු යෝජනා රාශියක් ඉදිරිපත් කළා. දැන් ඒවා එකින් එක ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. ව්‍යවසායකයකු හැටියට නොව පුරවැසියෙක් හැටියට සමස්තයක් වශයෙන් ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද?