වැටී තිබු ව්‍යාපාරික විශ්වාසය දර්ශකයේ වේගවත් ඉහළයාමක්

එල් එම් ඩී ව්‍යාපාරික සඟරාවෙන් සමීක්ෂණය කොට සකස් කරනු ලබන LMD නීල්සන් ව්‍යාපාරික විශ්වාස දර්ශකයේ වේගවත් ඉහළ යාමක් අගෝස්තු මාසයේ දී වාර් තා වී ඇත.

පසුගිය ජුනි, ජුලි මාස දෙකෙහි 49 දක්වා පහත වැටී තිබු එහි අගය අගෝස්තු මාසයේ 81 දක්වා ඒකක 32 කින් ඉහළ ගොස් තිබේ. කියවන්න...

පාඩුවට දුවන රාජ්‍ය ආයතන නඩත්තු කරන සහනාධාර – මහාචාර් ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එහි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවට ශ්‍රී ලංකාව සමග එළැඹි බව ඉකුත්දා නිවේදනය කරනු ලැබීය. සාමාජික රාජ්‍යයන්හි ගෙවුම් ශේෂයේ සහ විනිමය අනුපාතිකවල ඇති වන අස්ථායිතා සමනය කර ගැනීම සඳහා මුල්‍යමය හා තාක්ෂණික වශයෙන් සහායවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කර්තව්‍යයි. එම අරමුදල ලංකාව සඳහා මෙම ණය මුදල අනුමත කරන්නේ දේශීය හා විදේශීය මුල්‍ය ස්ථායීතාව ඇති කිරීම පිණිසය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන බව ප්‍රකාශයට පත් කරන ලද මෙම ණය පහසුකම සම්බන්ධයෙන් සමාජයේ වැරදි අදහස් සංසරණය වන බව පෙනේ. අදාළ ණය මුදල ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග මෙතෙක් ගිවිසුමකට එළැඹ නැති බව මගේ අදහසයි. එහෙත් ඒ අරබයා එම අරමුදල ශ්‍රී ලංකා රජය සමග මූලික එකඟතාවක් ඇති කර ගෙන තිබේ. එකී මූලික එකඟතාව සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි තීරක මණ්ඩලවල අනුමැතිය ලැබිය යුතුය. අදාළ අනුමැතිය හිමිවීම සඳහා සැපිරිය යුතු පූර් ව අවශ්‍යතා කිහිපයක් තිබේ. කියවන්න...

ජූනි වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,208ක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,208.2ක් දක්වා 20% කින් වැඩි වී තිබේ.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යෑම මේ වර්ධනයට හේතු වී ඇති බවට රේගු දත්ත වාර්තා හෙළි කර සිටියි. කියවන්න...

මේ වසරේ මුල් මාස 5ට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය  මෙම වසරේ පළමු මාස 5 තුළ  වර්ධනයක් පෙන්නුම් කර නොමැත. කියවන්න...

පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කළ යුතුය – හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉතිරිකරන්නන්ට සැබෑ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා රටේ පොලී අනුපාත දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. ඉදිරියේදී තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බැවින්, කිසිදු වැඩ පිළිවෙළක් නැති තත්ත්වය වෙනුවට, ආර්ථිකය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළකට යාම වඩා හොඳ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 23 දින CT CLSA සුරැකුම්පත් වෙබ් අඩවියේ ‘IMF: ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙළ’ පිළිබඳව කතා කරමින් කුමාරස්වාමි මහතා කීවේ  වර්තමාන උද්ධමන අනුපාතය අනුව සාමාන්‍ය ස්ථාවර තැන්පතු සහ සේවක අර්ථසාධක අරමුදලේ සැබෑ ප්‍රතිලාභ අනුපාතය සෘණාත්මක වන බවයි.. ප්‍රශ්නය විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතා ගැටලුවක් නොවන බවත්, එය ගැඹුරු ප්‍රශ්නයක් බවත් ඒ මහතා පැවසීය.. කියවන්න...

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම – තත්සරණී සිරිවර්ධන

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක.

අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ලංකාව මුදල් අච්චු ගහන්නේ කියලා. අපි ගෙදරක අදායම් වියදම් ගැන බලනවා වගේම, රටක් දුවද්දීත් ඒ රටේ අදායම් වියදම් ගැන බලන්න ඕනේ. මොකද රටකට අදායම් වලට වඩා වියදම් වැඩිනම් එතන අයවැය හිඟයක් පවතිනවා. ලංකාවේ අයවැය හිඟය දැන් අවුරුදු ගානකම ඉදන් තියෙන එකක්. 2020 අවුරුද්දේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 11.1%, මේකේ රුපියල් වල වටිනාකම වෙන්නේ රු.ට්‍රිලි. 1.6ක්. එතකොට සාමාන්‍යයෙන් නම් ගෙදරක වියදම් වැඩි වෙලා අදායම අඩු වෙද්දී ආයේ පඩි හම්බ්වෙනකල් ඉතුරු සති ටික දුවා ගන්න එක්කෝ loan එකක් ගන්නවා එහෙම නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්නවා. හැබැයි ලංකාවේ අයවැය හිඟය එන්නේ රු.මිලි වලින් නිසා හැමදාම loan ගගහා කරන්න අමාරුයි. එතකොට ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන්නේ ඒ අයවැය හිඟය පියවන්න මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙන විදියට රු.ට්‍රිලි. 1.4 ක් විතර 2021 වර්ෂයේදී මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. කියවන්න...

උද්ධමනය 17.5% දක්වා ඉහළට ; ආහාර උද්ධමනය 24 7% යි

උද්ධමනය වැඩි වීමේ මාස ගණනාවක් තිස්සේ පැවති ප්‍රවනතාවය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි. කියවන්න...

ආර්ථිකය වනසන බහිරවයෝ – ආචාර්ය සරත් අමුණුගම

කොළඹ වරායේ දියුණුවට බාධා කළේ සමාජවාදී පක්ෂ හා වෘත්තීය සමිති ය

කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ නොවෙමි. වෙනත් ඕනෑම අර්බුදයකදී මෙන්ම මේ අර්බුදයට බලපෑ ඓතිහාසික තත්ත්ව හා වර්තමාන සන්දර්භයක්ද තිබේ. මෙම අර්බුදය ඉතිහාසයේ ගත් තීන්දු තීරණ හේතුවෙන් හටගත් එකකැයි කිව නොහැකිය. එසේම වත්මන් සන්දර්භය නිසා උද්ගත වූවකැයි ද පැවසිය නොහැකිය. එම තත්ත්ව දෙක සමගම මේ අර්බුදය බැඳී ඇත.

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ආර්ථිකය උඩු යටිකුරු වූ බව අපි දනිමු. වෙනත් රටවල් සමග සන්සන්දනය කිරීමේදී අපට ලංකාවේ තත්ත්වය ගැන සතුටු විය හැකිය. ඉන්දියාව චීනය සහ ඇතැම් බටහිර යුරෝපා රටවල තවමත් මේ වසංගතය එදිනෙදා කටයුතුවලට බලපෑම් එල්ල කරමින් තිබේ. එහෙත් ලංකාවේ බොහෝ දුරට එම තත්ත්වය සමනය කර ඇත. කියවන්න...

එක රැයේ තීරණයේ ආදීනව – ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ

එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 72 ක පමණ ආදායමකි. එය අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 දක්වා වැඩි කිරීම දැන් අපේ ඉලක්කයයි. ඒ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන්නේ පලතුරු වර්ග තුනකිනි. ඒ කෙසෙල්, අඹ හා අන්නාසි යන වර්ග තුනයි. ඒ වර්ග තුනෙන් පමණක් දැනට ලබන අපනයන ආදායම වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 18 කි. එය ඩොලර් මිලියන 95 දක්වා වැඩිකිරීම අපේ ඉලක්කයයි.

ඒ ඉලක්කවලට යාමට පළමුව රජය පැත්තෙන් අවශ්‍ය වන්නේ වාණිජමය මට්ටමෙන් වගා කිරීමට අවශ්‍ය පසුබිම හා පහසුකම් සැලසීමය. දැනට ලංකාවේ වැඩියෙන් තිබෙන්නේ ගෙවතු වගාය. අක්කරය දෙක තුන යනාදී වශයෙන් පුංචි පුංචි වගා රටපුරා විසිරී තිබේ. එහෙත් විශාල අපනයන ඉලක්කයක් තිබෙනවා නම් අප ඒ වගා මහා පරිමාණ යායවල කළ යුතුය. එය කළ හැකි ක්‍රම කීපයකි. කියවන්න...

වසර දෙකක දී රටේ ණය බර සියයට 25 කින් වැඩිවෙලා – ආචාරය නිශාන් ද මේල්

ශ්‍රී ලංකාවේ ණය බර පසුගිය වසර දෙකක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි පහක ප්‍රමානයකින් ඉහළ ගොස් ඇති බවත්, එය ඉතිහාසයේ විශාලතම වැඩිවීම බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

වසර දෙකකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක්ව තිබු ණය බර මේ වන විට පවතින්නේ සියයට 119 ක මට්ටමේ බව ඒ මහතා කියයි. මෙය කෙටි කාලයක සිදු වූ වැඩි ම වැඩිවීමයි. කියවන්න...