සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 342 ක්

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.

මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ. කියවන්න...

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස) – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. කියවන්න...

ඩොලරය රුපියල් 308.80 /90 යි

අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.

මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි. කියවන්න...

බැංකු පොලී අඩු වී මාස 18 ක් 20 ක් පවතීවි ; ඩොලරයේ අගය එකවර බහින්න ඉඩ දෙන්නේ නැහැ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ය.

බැංකු පොලියේ තවත් අඩුවීමක් අපේක්ෂා කරන බව කී ආචාර්ය වීරසිංහ මහතා ඉක්මනින් නොවුණත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ද තව දුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කී ය. කියවන්න...

ජනවාරි මාසයේ අලුත් සමාගම් 1,995 ක් ලියාපදිංචි කරලා – මහ බැංකු අධිපති

ආර්ථික වර්ධනයක් ගැන සුබ සඥාවක් !

සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය කියයි. කියවන්න...

වැට් බලපෑම අවම යි ; උද්ධමනය 5.9 % දක්වා පහතට

ජනවාරි මාසයේ වැට් බදු වැඩි කිරීමත් සමග මෙරට උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් කළ පුරෝකථන බොරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 5.9 දක්වා පහත වැටී ඇත.

ජනවාරි මාසයේ එය පැවතියේ සියයට 6.4 ක් වශයෙනි. කියවන්න...

මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති

මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී යු ටියුබ් නාලිකාව ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් ලැබීම වැඩි වී තිබීමත්, ආනයන සීමා පැවතීමත් නිසා ඩොලරයේ හුවමාරු අගය විශාල ලෙස පහත වැටීමට ඉඩ තිබු නිසා එය වැළක්වීමට මහ බැංකුව මැදිහත් වූ බව යි කියවන්න...

අලියා සිසිල් බීම ඉන්දියානු වෙළෙඳපොළට

සිසිල් බීම සඳහා ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෙළෙඳ නාමයක් වන අලියා බීම නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුවදීමට කටයුතු කොට ඇති බව එලිපන්ට් හවුස් සමගම නිවේදනය කරයි.

ඉන්දියාවේ රිලයන්ස් කොන්සියුමර් ප්‍රොඩක්ට් සමාගම ශ්‍රී ලංකාවේ එලිපන්ට් හවුස් සමාගම සමග එක්ව බීම නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා පිවිසීමත් සමග ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාන වර්ගවලින් එකක් වන අලියා බීම ළඟදීම ඉන්දියාවේ රාක්කවල අලෙවි වනු ඇත. කියවන්න...

ඩොලරය රුපියල් 310 න් පහළට

රුපියලේ හුවමාරු වටිනාකම තවදුරටත් ශක්තිමත් වෙමින් අද උදේ වනවිට ඩොලරයේ හුවමාරු අගය රුපියල් 310 න් පහළට පැමිණි බව වාර්තා වෙයි.

වෙළෙඳපොලේ අද උදේ ඩොලරයේ හුවමාරු අගය සටහන් වුයේ රුපියල් 309.90 – 310.00 වශයෙනි. කියවන්න...

මුල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය 7 දා සිට

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාදීමට පෙර කරන ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ  දෙවැනි සමාලෝචනය මාර්තු 7 දා ආරම්භ වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම සමාලෝචනය සති සේකක කාලයක් පැවැත්වෙනු ඇත. කියවන්න...