අයවැය පියවා නැහැ ; හිගය සියයට 70 යි ; ණය බර තවත් රුපියල් බිලියන 1628 කින් ඉහළට

මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට 2022 අයවැය ලේඛනය ඉදිරිපත් කළ නමුත් අයවැය හිගය පියවා ගන්නා ආකාරය ගැන කිසිවක් සඳහන් නොකළ බවත්, වසරේ ආදායමට වඩා  අපේක්ෂිත වියදම සියයයට 70 කට වඩා වැඩි බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මුදල් ඇමතිවරයා අයවැය මගින් වියදම් යෝජනා සහ ආදායම් යෝජනා ඉදිරිපත් කළ ද අයවැය හිගය පියවන ආකාරය පිළිබඳව හෝ අයවැය තුලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඊයේ බෙදා දුන් මුද්‍රිත අයවැය කතාවේ ද ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවේ. කියවන්න...

බිල් ගේට්ස්ට අනුව ලංකාව දුප්පත් වෙන්න හේතුව – ධනනාත් ප්‍රනාන්දු

ධනවත් මනසක් නැති අපට ධනයෙන් පොහොසත් විය නොහැක

මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ” නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි විය. වර්තමානයේ බොහෝ දෙනා පවසන “ශ්‍රී ලංකාව දුප්පත් රටක්, සංවර්ධනය වෙමින් පවතින හෝ සංවර්ධනය නොවන රටක්, අපිට කවදාවත් ධනවත් රටක් වෙන්න බෑ” යන්නට බිල් ගේට්ස් දක්වා තිබූ අදහස්වලින් ගත හැකි දේ බොහෝ තිබිණි.

බිල් ගෙට්ස් පවසා තිබුණේ “ධනවත් බව කියන්නේ බැංකුවේ විශාල මුදලක් තිබීම නොවෙයි. ධනවත් බව කියන්නේ නැවත නැවත ධනය ඉපැයීමට තිබෙන හැකියාවටයි.” එය උදාහරණයකින් ඉතා නිරවුල්ව ඔහු පැහැදිලි කර තිබිණි. කියවන්න...

අගාධයෙන් ගොඩඑන්න උත්තරයක් – ආචාර්ය සරත් කටුකුරුන්ද

විදේශ විනිමය සංචිත හිඟය අද අපේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ඒ ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න ද මතු වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. අප මේ සාකච්ඡාව කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය සරත් කටුකුරුන්ද සමගය. විදේශ විනිමය සංචිත හිඟ වීමට හේතු සමග ඒවා යළි ඉහළ නංවාගත හැකි ක්‍රම ආචාර්ය කටුකුරුන්ද මෙසේ විස්තර කරයි.

රටක් සෙසු රටවල් සමග ආර්ථික ගනුදෙනු කරද්දී ඒ සඳහා නැති නම් ඒ ගෙවීම් සඳහා භාවිත කරන්නේ විදේශ විනිමය සංචිතය. 2020 අවසන් වෙද්දී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 5,664කි. එවකට තිබූ සමස්ත විදෙස් වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,521ක් පමණ විය. 2020 පැවැති ඒ සංචිත ප්‍රමාණවත් වූයේ මාස හයකුත් සති හතරකටය. අද වන විට පවතින සංචිත ප්‍රමාණය මාස තුනකටවත් ප්‍රමාණවත් නොවේ. කියවන්න...

ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත – ධනනාත් ප්‍රනාන්දු

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි.

එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් නැත. පිළිතුර ඉතාම දීර්ඝය. දිගු පිළිතුරු තියන වැඩවලට අපේ දේශපාලකයෝ කැමැති නැත. ඒ එම තීරණ දේශපාලනිකව වේදනාකාරී වන නිසා මෙන්ම ඒවා ජනප්‍රිය නොවන බැවිනි. එකී තීරණවලින් ජන්දයක් දිනිය නොහැකි නිසා ප්‍රශ්නය තාවකාලිකව යට ගහයි. කියවන්න...

මෙම වසරේ ඉහළ ම උද්ධමනය ඔක්තෝබර් මාසයේ වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) වන සියයට 7.6 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි. එය ඔක්තෝබර් මාසයේ සියයට 7.6 ක් වෙමින් සියයට 1.9 ක් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. කියවන්න...

මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

පසුගිය කාලයේ දිගින් දිගට පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කටයුතු කොට ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ. 

2021 ජුලි 19 වනදා සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව ඔවුන් මෙම පහළ දැමීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.  කියවන්න...

කොටස් වෙළෙඳපොළේ් සියලු කොටස් මිල දර්ශකය දහදහස සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ  (25) දිනය අවසානයේ ඒකක දහදහසේ සීමාව ඉක්මවා ගියේ ය.

අවසන් වරට ගනුදෙනු සිදු වූ දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක් ලෙසින් සටහන් වී තිබිණි.

‘එයාර් ඉන්දියා’ විකුණා දමයි; අපේ සම්පත් කබාසීනියා කරන ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු – මහාචාර්ය රොහාන් සමරජීව

දිනකට  සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම විකුණා දැමුවේ ටාටා පුත්‍රයෝ නම් මහා සමූහ ව්‍යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්‍ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්‍රමාණයෙන් සුළු කොටසක් වූ ඩොලර් බිලියන 2 ක් එකතු කළ මිලකටය.

එසේ වුව ද, ඉන්දියානු ජනතාවට මෙය හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාවේ අප ද එය අධ්‍යයනය කොට අනුකරණය කළ යුත්තකි. කියවන්න...

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම – ධනනාත ප්‍රනාන්දු

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’

අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ. කියවන්න...

ආර්ථිකය යළි පණගන්වන කබ්රාල්ගේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි

October, 1, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි. කියවන්න...