2020 මහා බැංකු වාර්තාව සහ අයවැය
මා ඉගෙනගත් පාසලේ විදුහල්පතිව සිටි අභාවප්‍රාප්ත බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා කතන්දර සහ උදාහරණ මගින් සිසුන්ට උපදෙස් දීමට පුරුදුව සිටියේ ය. සිසුන්ට උපදෙස් දීමට ඔහු නිතර යොදාගත් ප්‍රශ්නයක් වුයේ “ හොඳ කේතලයක් සහ නරක කේතලයක් අතර වෙනස ඔබ දන්නවාද ?” යන්න යි. ඒ දෙක ම පෙනුමෙන් එක හා සමාන ය. දෙකේ ම ශබ්දය එක ම ය. දෙකෙන් ම සිදුවන්නේ වතුර රත්කිරීමේ එක ම කාර්යය යි. කොයික හොඳ ද? කොයික නරක ද? කියා පෙන්නුම් කරන්නේ කාලය පමණකි. ජීවිතයේ අමාරු පරීක්ෂණ වන්නේ වාර විභාගය හෝ අධ්‍යයන වාර අවසාන පරීක්ෂණය හෝ නොවන බව කියන්නට ඔහු පුරුදුව සිටියේ ය. ශිෂ්‍යයින් ලෙස ඔබ, ඔබ විසින් ම මුහුණ දීමට පුහුණු විය යුතු පරීක්ෂණය වන්නේ ‘කාලයේ පරීක්ෂාව ‘ බව ඔහු කීවේ ය. මෙම උපදේශය ප්‍රිය කළ මම අද දක්වා එය මතක තබා ගතිමි.
ගෝලීය වසංගතයේ වසරක කාලය, අපගේ ආර්ථික ප්‍රතිපත්ති සහ 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් බවට පත්ව ඇත. “ කාලයේ පරීක්ෂාව “ පිලිබඳ කාරණයේ දී, ශ්‍රී ලංකාව කුමන ස්ථානයක සිටින්නේ ද යන්න කෙනෙකුට මෙමගින් තේරුම් ගත හැකි වනු ඇත. කියවන්න...