ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.

අද දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. කියවන්න...

ආහාර මිල , ඉන්ධන , විදුලි ගාස්තු ලබන මස අඩු කරනවා – ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියයි

ඩොලරය රුපියල් 280 -300 මට්ටමට

රජයේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් වී ඇති බැවින් ආහාර මත බදු, විදුලි ගාස්තු, ඉන්ධන මිල ලබන මාසයේ සිට අඩු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත.

රුපියලේ අගය ඩොලරයට රුපියල් 280 – 300 මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, එවිට බදු මිල තවත් අඩුවනු ඇති බවත්, ජනාධිපතිතුමා පවසා තිබේ.

ජල සම්පාදනයට ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අනුමත වී ඇති බව ජල සම්පාදන ඇමති ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ  කරයි.

අදියර දෙකකින් යුතු ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වරෙකට ඩොලර් මිලියන 100 බැගින් අවස්ථා දෙකක දී මෙම ආධාරය ලබාදීමට නියමිත ය. කියවන්න...

SME ව්‍යවසායකයින් ගොඩගන්න රු. බිලියන 20ක ව්‍යාපෘතියක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇත. කියවන්න...

ETCA ට අමතරව ඉන්දු ලංකා ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්

අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට එළඹීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර අත්සන් කෙරෙන විස්තීරණ වෙළෙඳ ගිවිසුම හෙවත් ECTA ගිවිසුමට අමතර වශයෙන් දෙරටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම නව ගිවිසුමට එළඹීමට නියමිත ය. කියවන්න...

විදුලි ගාස්තු අඩු කළ හැකි LNG නල මාර්ගයක් ඉන්දියාවේ සිට කොළඹට

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළකළේය. කියවන්න...

උමා ඔයෙන් මෙගා වොට් 120 ක විදුලිය පෙබරවාරි 15 දා සිට ජාතික පද්ධතියට

වාමාංශික උද්ඝෝෂණ නිසා වසර පහක් ප්‍රමාදයි.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීම පෙබරවාරි 15 දා සිට ඇරඹෙනු ඇතැයි වාර්තා වෙයි.

එමගින් ජාතික පද්ධතියට මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිත ය. කියවන්න...

අපනයන කළ යුත්තේ ඇයි? – ඉකොනොමැට්ටා

අපනයන කළ යුත්තේ ඇයි?

 කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි.

රටක් අපනයන කළ යුත්තේ ඇයි?දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි? කියවන්න...

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට 3 දා අත්සන් තබනවා – ජනාධිපති

අයි එම් එෆ් සමග විකල්ප යෝජනා කතා කරන්න සියලු පක්ෂවලට ආරාධනා කරනවා

තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට ලබන පෙබරවාරි මස 3 දා අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී ජනාධිපතිතුමා මෙසේ ද කී ය. ” තරගකාරී වෙළෙඳ පොළක් සමඟ අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. පෙබරවාරි 03 වැනිදා අප තායිලන්තය සමඟ ගිවිසුම අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථෙරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙන්නේ.” කියවන්න...

පිටරට සැඟවූ හොර සල්ලි ගේන්න නව නීතියක් එයිඅපට අධිකරණ බලයක් නැති පිටරට ඇති මුදල් අත්පත් කර ගැනීම අරමුණ යි

වංචනික ක්‍රම මගින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන  මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව නීති සඳහා පනතක් තමා ඇතුළු කමිටුවක් මගින් දැන් කෙටුම්පත් කරමින් සිටින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

රජය විසින් පත්කරනු ලැබ ඇති මෙම කෙටුම්පත් කමිටුව ශ්‍රේෂ්ටාධිකරණ විනුසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු ද එයට ඇතුලත් වෙති. කියවන්න...