ඉදිරි මාස හයේ ආර්ථිකයේ තත්ත්වය අවදානම් , මුල්‍ය අරමුදලේ ආධාර ලබාගත යුතුයි – පාත්ෆියින්ඩර් පදනම

ඉදිරි මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් අවදානම් සහගත තත්ත්වයට පිරිහී යා හැකි බව කියන පිළිගත් බුද්ධි මණ්ඩලයක් වන පාත්ෆයින්ඩර් පදනම රජය මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර වැඩ සටහනකට එලබීම වඩා සුදුසු බව ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර අවසානය වනවිට මෙරට වීදේශ සම්පත් පැවතියේ ඩොලර් බිලියන 5.7 ක මට්ටමේ ය. ඉන්දියාවෙන් ලබාගත් මිලියන 400 ක ණය මුදල පෙබරවාරියේ ගෙවීමට තිබිණි. කියවන්න...

දකුණු ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

උතුරු මැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වශයෙන් ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පලුගස්වැවදී ඊයේ (05) ආරම්භ කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එහි සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් නිරාවරණය කරන ලද අවස්ථාව. ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, සිරිපාල ගම්ලත්, චන්න ජයසුමන මහත්වරුද මෙහි වෙති. කියවන්න...

ශ්‍රී ලංකාව පසුගිය වසරේ රුපියල් කොටි පනස්දහස් පන්සීයක මුදල් අච්චු ගහලා ; බැංකුවලින් කොටි එක ලක්ෂ හැත්තෑ දහසක් අරගෙන

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ රුපියල් කොටි පනස් දහස් පන්සියයක් වටිනා මුදල් නෝට්ටු අලුතින් වෙළෙඳපොළට මුදාහැර  ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. මෙය ඉතිසාහයේ වාර්තාගත දැවැන්ත වැඩිවීමකි.

එමෙන් ම, පසුගිය වසරේ රජය බැංකුවලින් ණයට ගෙන ඇති මුදල රුපියල් කොටි එක් ලක්ෂ හැත්තෑ දහසකි . එය ද වාර්තාගත වැඩිවීමකි. එම සංඛ්‍යාව දල දෙසිය නිෂ්පාදිතයෙන් සියයට 11 ක් තරම් වෙයි. කියවන්න...

මහ බැංකුව රුපියල ගොඩගන්න ගිහින් ව්‍යාපාරිකයින් අමාරුවේ

දිගින් දිගට පහත වැටෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම රැක ගැනීමේ පියවරක් ලෙස  ඉදිරි වෙළෙඳ ගිවිසුම් සඳහා ඩොලර් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු වාණිජ බැංකු වලට නියෝග කිරීම නිසා අපනයන ආනයන වෙළෙදාමේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන් ම කර්මාන්ත කරුවන් ද අපහසුතාවයට පත්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එලබීමට නොහැකි වීම නිසා ආනයන අපනයන ව්‍යාපාරිකයෝ අපහසුතාවයට පත්ව සිටිති. කියවන්න...

කෝටි 200ක වියදමින් කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරයේ වැඩ කඩිනමින් ඇරඹීමට සූදානම්- කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කියවන්න...

ශ්‍රී ලංකාවට සිංගප්පුරුවක් වෙන්න බැරි ඇයි ? – ‘බෙල්වෙදර්’ විග්‍රහයක් – ( පළමුවන කොටස )

1970 ගණන්වල සංවෘත ආර්ථිකය අවසන් කොට වෙළෙඳාම නිදහස් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අභිලාශය වුයේ සිංගප්පුරුවේ තත්ත්වයට පත්වීම යි. කෙසේ වෙතත් , මුදලේ අගය බිඳවැටීමත්, එමගින් ඇති වූ කැළඹිලි සහ වැඩ වර්ජනත් , ජාතිවාදී දුම් වළලු තුළින් සිවිල් යුද්ධයක් වර්ධනය වීමත්, පසුව නැවතත් වෙළෙඳපොළ පාලනය ආරම්භවීමත් නිසා එය අසාර්ථක වීය.

නිදහසින් පසු ආර්ථික ක්‍රියාකාරීත්වය ,විනාශකාරී ආනයන සහ විනිමය පාලනයට ගැට ගැසී පැවති අතර අයවැය හිගය පාලනය කිරීමට මහ බැංකුව කළේ භාණ්ඩාගාර බිල්පත් මගින් මුදල් ලබාගැනීම යි. කියවන්න...

ඩොලරයට රුපියල් 197 දක්වා රුපියල පහතට

ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 197 ක් දක්වා දඩ රුපියලේ අගය පහත ගිය බව වෙළෙඳපොල වාර්තා කියයි .

අද දිනයේ මිල සටහන් වී ඇත්තේ ඩොලරයට රුපියල් 196 ක් සහ 197 ක් අතර මිල ගණන් වශයෙනි . කියවන්න...

විදේශ ආයෝජකයන් ගෙන්වාගෙන රට සංවර්ධනය සැබෑ දේශ ප්‍රේමය යි – මංගල සමරවීර

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රටේ සංවර්ධනය සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රට පාවාදීමක් නොවන බවත් එය සැබෑ දේශප්‍රේමය බවත් ඒ මහතා කියයි. කියවන්න...

කොළඹ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ම අගය වාර්තා කරයි



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.

මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.

දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.

මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.

(හර්ෂණ තුෂාර සිල්වා) කියවන්න...

රනිල් අගමැති ලෙස මුල්ගල තැබූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් ඊයේ විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම’ (Ferentino Tyre Corporation PVT Ltd) ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර තිබේ. කියවන්න...