ආර්ථීකය සරලව
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අතරින් රුපියල් මිලියන 965 ක ශුද්ධ වටිනාකමකින් යුතු විදේශ ආයෝජන ජනවාරි මුල් සතියේ දී ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
එම සතිය තුළ විදේශීය විකිණීම් ප්‍රමාණය රුපියල් මිලියන 1,520 ක් ( බිලියන 1.52 ක් ) ලෙස සටහන් වී ඇති අතර මිල දෙඑඑ ගැනීම් ප්‍රමාණය සටහන් වී ඇත්තේ මිලියන 563.62 ක් වශයෙනි.
ශ්‍රී ලංකා රුපියලේ අගය යලි පහත වැටී ඇති බව වෙළෙඳපොළ වාර්තා කියයි .
පසුගිය සිකුරාදා ඇමෙරිකන් ඩොලරයක් රුපියල් 191 ත් 192 ත් අතර අගයක් වාර්තා කළ අතර ඊයේ එය සටහන් වී ඇත්තේ 192 ත් 193 ත් අතර අගයක් වශයෙනි.
අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.
අලුත් සිතුවිලි අවශ්‍ය ඇයි? අපව පාලනය කරනු ලබන්නේ අසමත් රාජ්‍යයක් විසින්. 1930 දශකයේ මහා ආර්ථික අවපාතය හා මැලේරියා වසංගතෙයේ සිට අපගේ ජනතාවගේ ජීවිතවල ක්‍රමානුකූල වෙනස්කම් සිදුවුණා. ගෝලීය ආර්ථික අර්බුදයේ හා දේශගුණික විපර්යාසයේ ස්වභාවය නිසා ඒවා තවදුරටත් තිරසර අන්දමින් කරන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ දුර්වල රජය අවස්ථා පාවිච්චි කරන්නට පමණක් නොවෙයි, හානි අවම කරන්නට පවා අසමත් වන බව ඔප්පු කරමින් ඉන්නවා.
පවත්නා සංකීර්ණ නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත්කර ඇත.. මෙම කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.
හිටපු ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු කොමිසමේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇති අතර කොමිසමේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතාන මහතා පත්කොට තිබේ..
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 වසරේ දී සියයට 6.7 කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව නිකුත් කල අලුත් ම වර්තාවක සඳහන් වෙයි .
මෙම ආර්ථික වර්ධනය 2021 වර්ෂයේ දී සියයට 3.3 ක් වනු ඇතැයි කියන එම වාර්තාව 2022 සඳහා ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය ගණන් බලා ඇත්තේ සියයට 2.2 ක් වශයෙනි .
රාජ්‍ය භාණ්ඩාගාරය බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.
පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150 කි . එය ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම අගය යි.
පසුගිය 2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය 2020 වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.
අභියෝගාත්මක දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ ආර්ථිකයට ප්‍රමාණවත් උත්තේජනයක් ලබාදීම සඳහා මුදල් හා රාජ්‍ය මූල්‍ය මැදිහත්වීම තුළින් අඛණ්ඩව සහයෝඟය අත්‍යවශය බව පෙන්වාදෙන ඒ මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ආර්ථිකය නඟාසිටුවීමට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද කියාසිටී.
ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට තිබෙන්නේ ආර්ථික වශයෙන් අන්තිම නරක තැනකය. එහෙත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ආණ්ඩුවේ බොහෝ පිරිස් දක්වන අදහස්වලින් අපට සන්නිවේදනය වන කරුණක් තිබේ. එනම්, රටට මෙවැනි ඉරණමක් අත්වන බව දැන නොසිටියේය වැනි අදහසකි. රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ විද්‍යානුකූල දත්ත පදනම් කරගෙනය. එනිසා මේ කියන කතා විද්‍යාත්මකද කියා විමසීමට එවිට අපට සිදුවේ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සකසුවන් මේ දේවල් දැනගත යුතුය. මක්නිසාද යත් මෙවැනි තැනකට රට වැටෙන බවට ඇසට පෙනෙන ආර්ථික දත්ත එළිමහනේ ඇති බැවිනි.
2017, 2018 කාලයේදී මහ බැංකු අධිපති ධුරය දැරුවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය. 2019 හා 2020 යනු වැඩිපුරම ණය ගෙවන්නට සිදුවන කාලයක් වන නිසා රටේ ආර්ථිකයට ඉදිරියේදී ලබන්නේ නරක දශාවක් බව කුමාරස්වාමි මහතා කල්තියා පැවැසුවේය.
රටේ මුල්‍ය තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ණයට ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි
මෙම මුදල ලබාගැනීමට යන්නේ චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක් සහ ඉන්දියාවෙන් බිලියන 1ක් වශයෙනි.