මහ බැංකුව පොලිය වැඩි කළත් ,භාණ්ඩාගාර බිල්පත් සියයට 53 ක් විකීනී නැහැ

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන පොලිය පදනම් අංක දෙකකින් වැඩි කළ ද , මහ බැංකුව වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් සියයට 53 ක් විකිණී නැති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්, ආර්ථික කටයුතු වාර්තාකරණ කරන  පිළිගත් වෙබ් අඩවියක් වන , ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එම වාර්තාවට අනුව මාස තුනකින් කල් පිරෙන රුපියල් බිලියන 10 ක් වටිනා  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබුණ ද ,අලෙවි වී ඇත්තේ මිලියන 510 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයකි . කියවන්න...

රාජ්‍ය-පෞද්ගලික ආයතන EPF දායක මුදල් කෝටි 1,200ක් පොලු තියලා – කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතුව තිබෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දිනමිණට ඊයේ (31) ප්‍රකාශ කළේය. 2020 ජනවාරි මස 01 වැනිදා වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් නඩු 11,549ක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට එරෙහිව පවරා ඇති බවත් අක්‍රීය නඩු ද ඇතුළත්ව මේ වන විට පවරා ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 16,000ක් වන බවත් ඇමැතිවරයා පැවසීය.

දිගින් දිගටම දායක මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව පැවසූ ඇමැතිවරයා දායක මුදල් ගෙවීම පැහැර හරින හාම්පුතුන්ට එරෙහිව මේ වසරේදී දැඩිව නීති ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළේය. කියවන්න...

උද්ධමනය තරමක් ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි .

ඒ අනුව දෙසැම්බර් මස උද්ධමනය සටහන් වන්නේ සියයට 4.2 ක් වශයෙනි . කියවන්න...

කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර, විදුලි බලාගාර ඉදි කිරීම ප්‍රමාද වීම සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ඉල්ලයි.

විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන සැළසුම් මොනවාද? යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රමාද කර ඇතිදැයි සොයා බැලීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් 2020.12.28 දින ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය. එම ඉල්ලීම සමග පහත සඳහන් කරුණු ද ජනාධිපති තුමන් වෙත දැනුම් දෙනු ලැබිය.

ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉතා සීඝ්‍ර ආර්ථික පිබීදීමකට අවශ්‍ය කරුණු සාකච්ඡා කර ඇති අතර එම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ දායකත්වය ඉතා ඉහළ වේ. කියවන්න...

2021 සහ ඉදිරිය කාලය සඳහා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති එලි දැක්වීම ජනවාරි 4 දා

 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි දා , සඳුදා සිදු කිරීමට නියමිත ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. කියවන්න...

මානව ඛේදවාචක සහ ආර්ථික ව්‍යසන පිරුණු වර්ෂයක් දෙස ආපසු හැරී බැලීමක් – නිමල් සඳරත්න

මෙම වසරේ දී තරම් ගෝලීය ආර්ථිකය විනාශයට ලක් වූ තනි වර්ෂයක් මතක ඇති කාලයක තිබී නැත. එය මුල්‍ය හෝ ආර්ථික හෝ අර්බුදයක් නොවේ. එය ආර්ථික පසුබැස්මක් ද  නොවේ. එය ආර්ථික ව්‍යසනයක් සහ මානව ඛේදවාචකයකි. ලෝකය පුරා ආර්ථිකයන් කඩාකප්පල් වීය.බොහෝ රටවල ආර්ථික වර්ධනය හැකිලුනි.ගෝලීය ආර්ථික වර්ධනය ඍන වීය.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ඛේදවාචකයකි. එයින් ලෝකය පුරා මිලියන ගණනක් ජනයා මිය ගියහ. තවත් කෝටි ගණනක් රෝගයට ගොදුරු වුහ. කුසගින්න සහ ආහාර අහේනිය පැතිරී ගියේය.ජීවනෝපායට තර්ජන එල්ල වීය. රැකියා විරහිත බව , දිළිඳුකම සහ අසමානතා වැඩි කළේය. කියවන්න...

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් දිගට ම විදුලිය ගන්න විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී  ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය.

මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ එස් පවර් සමාගමට අයත් , ඇඹිලිපිටය , මාතර සහ පුත්තලමේ පිහිටි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීම සඳහා වූ ගිවිසුම් ය. මෙම බලාගාරවලින් දැනටත් විදුලිය මිල දී ගන්නා අතර එම ගිවිසුම් ලබන අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත් , පවතින තත්ත්වය යටතේ මෙම බලාගාර වලින් විදුලිය මිල දී ගැනීම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට යෝජනා වී ඇත. කියවන්න...

රුපියලේ අගය අඩුවෙන්න හේතුවක් නැහැ ; එය වළක්වන්න අවශ්‍ය පියවර ගන්නවා – මහ බැංකුව නිවේදනය කරයි

පසුගිය දිනවල වෙළෙඳපොලේ දක්නට ලැබුණු රුපියලේ අගය  අවප්‍රමාණය වීම පිළිගත නොහැකි බවත් , එය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් , ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රුපියලේ අගය ඩොලරයකට  රුපියල් 193 ක් දක්වා පහළ යාමක් පසුගියදා දක්නට ලැබිණි. මහ බැංකුව කියන්නේ එසේ රුපියලේ අගය පහත වැටීමට කිසිදු ආර්ථික හේතුවක් නැති බවයි. කියවන්න...

මහා බැංකුවේ විවරණයට විකට පොත් අතර ඉහළ ම තැනක් !!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණයකට විකට පොත් අතර ඉහළ ම ස්ථානයක් ලබා දී ඇති ආකාරය පුරවැසි මාධ්‍යවේදියකුගේ ජංගම දුරකථන කැමරාවේ මෙසේ සටහන් වීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ දිවයිනේ ප්‍රකට පොත් ප්‍රකාශක සමාගමක් කොළඹ කොටුවේ පිහිටි විදේශිකයන් බහුලව යන එන පොත් සාප්පුවක තම ආයතනයේ විකිනීඒමට ඇති විකට පොත් ( COMIC BOOKS ) ප්‍රදර්ශනය කොට ඇති ආකාරය යි. කියවන්න...

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කඩිනම් පියවර

තිස් වසරකට වැඩි කලක් වසා දමා තිබු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ආරම්භ කිරීමේ පියවර මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව මෙම කර්මාන්තශාලාව සඳහා වන ඉඩම් , ගොඩනැගිලි සහ යන්ත්‍ර සුත්‍ර ආදිය නව සමාගමකට භාර දීම මේ වනවිට සිදුවෙමින් පවතියි. කියවන්න...