සියළු රාජ්‍ය ආයතන නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි – කෝප් කමිටුව

නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.

මේ අනුව තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ. කියවන්න...

ආයෝජන සම්පුර්ණයෙන් ආරක්ෂා කිරීමට නව නීති ගෙනෙනවා – ජනාධිපති ගොඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා වැඩි වැඩියෙන් ණය ගැනීම වෙනුවට විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමටත් , දේශීය ආයෝජන දිරිගැන්වීමටත් කටයුතු කරන බව කී ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ආයෝජනවලට සම්පුර්ණ ආරක්ෂාව සලසන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.

මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ණය  ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත් , එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තව දුරටත් ණය ගැනීම වෙනුවට ආයෝජන ලබාගැනීමට කටයුතු කරන බව ද පැවසී ය. කියවන්න...

වෙළෙඳ ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාව ආනයන මෙන් තුන් ගුණයක් අපනයන වැඩිකර ගනියි.

ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් තුලින් මෙරටට කළ ආනයනවලට සාපේක්ෂව මෙරටින් විදේශයන්ට කළ අපනයන තුන් ගුණයකින් වැඩි කරගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් හතරකිනි. එනම්, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම , පකිස්ථාන ශ්‍රීලංකා ගිවිසුම , දකුණු ආසියා ගිවිසුම සහ ආසියා ශාන්තිකර ගිවිසුම යි. කියවන්න...

මුල්‍ය සමාගම් ණය සහන ඉල්ලුම් කිරීමේ කාලය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කරයි

කු නොවන මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය ගෙවීමට මහ බැංකුව ලබා දී ඇති සහන කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ කාලය දෙසැම්බර් 10 දා දක්වා දීර්ඝ කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ සඳහා කලින් ලබා දී තිබු කාලය නොවැම්බර් 25 දායින් අවසන් වී ය. කියවන්න...

ෆිච්ට් රේටින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙලයි ; CCC ලෙස ශ්‍රේණිගත කරයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත හෙලීමට

 ෆිච්ට් රේටින් ආයතනය තීරණය කොට ඇත . හොන්කොන්හි සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත් කිරීමේ ආයතනයක් වන කියවන්න...

කැළණි ගඟේ පරිසරා දුෂණය වළක්වන්න , අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න – කෝප් කමිටුව නියම කරයි

කැළණි ගඟේ වැඩිවෙමින් පවතින පරිසර දුෂණය වැළක්වීම සඳහා ගඟ දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවෙත් කෝප් කමිටුව පරිසර අමාත්‍යංශය  ඇතුළු රජයේ අදාළ ආයතන බලධාරීන්ට ඊයේ නියෝග කොට ඇත.

ඊයේ (26) පැවති කෝප් කමිටු රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ සහ අනෙක් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන් කැඳවා තිබුනේ කැළණි ගඟේ පරිසර දුෂණය පිළිබඳව පාරසරික විගණන වාර්තාව  සාකච්ඡා කිරීම සඳහා ය. කියවන්න...

ජනපතිගේ සංදර්ශන නිසා හෝමාගම විදුලි දුම්රිය අහිමි වේද? – තරිඳු උඩුවරගෙදර

දිනකට කොළඹ නගරයට මගීහු මිලියන 19ක් පමණ ඇතුළු වෙති. ගාලු පාරේ පැමිණෙන මගීන්ගෙන් සීයට 35ක් දුම්රියෙන් ඇතුළුවෙති. මීගමුව මාර්ගයේ මගීන්ගෙන් සීයට 43ක් දුම්රිය මගින් ඇතුළුවෙති. නුවර පාරේ සීයට 39ක් දුම්රිය මගින් ඇතුළුවෙති. ඒ අනුව සැලකිය යුතු ප්‍රතිශතයක් දුම්රිය මගීහුය.

එහෙත් නුගේගොඩ, මහරගම, කොට්ටාව, පාදුක්ක හරහා අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි මාර්ගයේ දුම්රිය පාවිච්චි කරන්නේ සීයට 10ක් පමණි. දිනකට මගීහු 14,500ක් පමණක් එම මාර්ගයෙන් ඇතුළුවෙති. කියවන්න...

නිවාස ණය උපරිම පොලිය සියයට 7 යි ; මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින් තම දේපළ ඇපයට තබා බැංකුවලින් ලබාගන්නා  ණය සඳහා අයකළ හැකි උපරිම පොලිය සියයට 7 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. බලපත්‍ර ලාබී සියලු බැංකු සඳහා මෙම තීරණය වලංගු වෙයි.

මෙම සියයට හතේ අවම පොලිය අඩු තරමින් ණය ගෙවීමේ මුල් වසර පහ සඳහා ලබාදිය යුතුය. ඉන් පසුව ද අය කළ  හැකි වන්නේ රටේ සාමාන්‍ය ප්‍රාථමික  පොලි අනුපාතයට වඩා සියයට එකකින් වැඩි පොලියක් පමණකි. කියවන්න...

කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්

කොවිඩ් 19 නිසා විපතට පත් කුඩා ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 165 ක මුදලක් රජයට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටියි.

මෙම සහන ණය  මුදල ලබාදීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ ආසියානු සනවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික  නියෝජිත චෙන් චෙන් මහත්වරුන් අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුවීය. කියවන්න...

මහජන උපයෝගිතා කෝමිසම් , විදුලි බල මණ්ඩල නීති සංශෝධනය කර මෙගා වොට් 300 ක ගල් අඟුරු බලාගාරය ඉක්මනින් ඉදිකරනවා – මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට සහ ලංකා විදුලි බල මණ්ඩල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදුකොට , මෙගා වොට් 300 ක් ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉක්මනින් ඉදිකරන බව මුදල් ඇමතිවරයා  ද වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තුවේ දී පක්ෂ කළේ ය.

අයවැය තෙවනවර කියවීමේ විවාදයට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභා පනත සහ ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමට මම යෝජනා කරනවා” යනුවෙනි. කියවන්න...