පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස ඉහළ දැමීම කළ යුත්තේ හොඳ සාකච්ඡාවකින් පසුවයි – එජාප හිටපු ඇමති වජිර අබේවර්ධන

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව 55 සිට 60 දක්වා වැඩි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් නැතත්, එය කළ යුත්තේ එම සේවකයන්ගේ අභිලාෂයන් ගැන හොඳ සාකච්ඡාවකින් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අර්ථ සාධක අරමුදලේ තමන් ඉතිරි කර ඇති මුදල් ආපසු ලබාගැනීමේ කැමැත්ත, සෞඛ්‍යය  හෝ වෙනත් හේතු නිසා කල්තබා විශ්‍රාම යාමේ වුවමනාව ආදිය ගැන මෙහි දී සැලකිල්ලට ගත යුතු බවත් , රාජ්‍ය පරිපාලන හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා කියයි. කියවන්න...

සංචාරක පනත වෙනස් කිරීමේ අයවැය යෝජනාවට සංචාරක ක්‍රියාකරුවන්ගේ විරෝධය

SLAITO - The Sri Lanka Association of Inbound Tour Operators

දැනට ක්‍රියාත්මක සංචාරක පනත වෙනස් කිරීම සඳහා ඉදරිපත් කොට ඇති අයවැය යෝජනාවට තම සංගමයේ දැඩි විරෝධය පලකරන බවත්, පනත වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් පැන නැගී නැති බවත්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි . මෙය තම සංගමයේ පමණක් නොව මෙම කර්මාන්තයේ සිටින සියලු දෙනාගේ ඒකමතික අදහස බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

“ මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ යහපත සඳහා විශාල සේවයක් සිදු වී ඇති බැවින් , මෙම පනත වෙනස් කිරීමේ වුවමනාවක් නැති බව අප සංගමයේ සාමාජිකයන්ගේ ඒකමතික අදහස යි. ශ්‍රී ලංකා හොටල්කරුවන්ගේ සංගමය , ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සංගමය සහ සංචාරක ක්ෂේත්‍රයේ අනෙක් වැදගත් සංවිධාන කිසිවක් වර්තමාන පනත වෙනස් කිරීමට ඉල්ලා නැත “ යි සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය කියයි. කියවන්න...

මහ බැංකුවේත් කොවිඩ් ; නිලධාරීහු, සේවකයෝ නිරෝධයනයේ ; වැඩ දිගට ම කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට කොවිඩ් 19 ආසාධනය වී  ඇති බව තහවුරුවීමත් සමග බැංකුවේ ඉහළ  නිලධාරීන් ඇතුළු සේවක පිරිසක් නිරෝධායනයට යොමු කොට ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් , මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව මහා බැංකුව කියයි . ඒ අනුව මුර සේවා ක්‍රමයක් යටතේ සේවකයින් පිරිසක් සේවයේ යොදවා ඇති බවත් ,වැඩ කටයුතු පවත්වාගෙන යාමට විශේෂ කාර්ය බලකායක් පිහිටුවා ඇති බවත් කියති. කියවන්න...

ආනයන තහනම තාවකාලික බව ඇමති දිනේෂ් යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ශ්‍රී ලංකාව ඇතැම් ආනයන සීමාකිරීමට ගෙන ඇති පියවර තාවකාලික බවත් , එය ඉදිරි කාලයේ දී ඉවත් කරන බවත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වීමත් ,විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අඩුවීම සහ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත්  නිසා රට මුහුණ දී තිබෙන අපහසුතා නිසා ආනයන සීමා කිරීමට සිදුව ඇති බව ඇමතිවරයා යුරෝපා සංගම් නියෝජිතයන්ට ප්‍රකාශ කොට තිබේ. කියවන්න...

පෑලියගොඩ නව එළවළු තොග වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව එලවලි තොග වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) විවෘත කරනු ලැබී ය.

අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතය. කියවන්න...

හම්බන්තොට පළමු ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබෙයි

හම්බන්තොට වරාය  ආශ්‍රිතව සංවර්ධනය කෙරෙන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු විදේශ ආයෝජනය සඳහා වන ගිවිසුමට අද අත්සන් තැබෙන බව වාර්තා වෙයි.

මෙම ආයෝජනය සිදුවන්නේ සැහැල්ලු වාහන සහ ට්‍රක් රථ සඳහා රේඩියල් ටයර් නිපදවීම සඳහා වන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ය. ඩොලර් මිලියන 300 ක වියදමින් මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය චීන සමාගමක් වන සංග්ඩොන් හයිහුආ ටයර් සමගම විසින් සිදුකරනු ඇත. කියවන්න...

කළු සල්ලි සුදු කරන්න අයවැයෙන් ඉල්ලීමක් !

විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා ඉහළට; කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් – 2021 අයවැය යෝජනා

බදු ගෙවීම පැහර හරිමින් හෝ විදේශ විනිමය වංචා මගින් උපයාගෙන දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් සඟවා ඇති මුදල් ආණ්ඩුව මගින් නියම කරනු ලබන  

ආයෝජන සඳහා යොමු කළහොත් එම මුදල් උපයාගත් ආකාරය ප්‍රශ්න නොකිරීමට සහ ඔවුන්ට  කියවන්න...

ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට රටවල් 14 ක් වියට්නාමයේ දී අත්සන් තබයි

ලොව වැඩිම ජනගහණයක් ඇතුළත් කලාපීය විස්තීර්ණ වෙළෙඳ සහයෝගිත ගිවිසුමට ආසියාන් සංවිධානයේ රටවල් ඇතුළු රටවල් 14 ක් අත්සන් තැබීම ඊයේ වියට්නාමයේ දී සිදුකරනු ලැබී ය.

ආසියාන් රටවලට අමතරව එයට අත්සන් තැබුවේ චීනය ,ජපානය , දකුණු කොරියාව ,ඔස්ට්‍රේලියාව සහ  නවසීලතයයි . ආසියාන් රටවල් වන තායිලන්තය , ඉන්දුනීසියාව ,සිංගප්පුරුව, ලාඕසය , කම්පුචියව, බ්‍රුනෙයි ,මැලේසියාව,  පිලිපීනය සහ මියන්මාරය ගිවිසුමට ඇතුළත් වන අනෙක් රටවල් ය . ආසියාන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වනු ලබන  රටවල් අතර දැනටමත් අඩු බදු  අනුපාත සහ වීසා රහිත සංචාරක පහසුකම් ආදිය ක්‍රියාත්මක ය. එම රටවල් ද නව ගිවිසුමට ඇතුළත් වීමෙන් අලුතින් එකතුවන රටවල් සඳහා ද ඔවුන්ගේ පහසුකම් පුළුල් වීම සිදුවෙයි. කියවන්න...

යුරෝපා සංගමයෙන් ඉවත්වුවත් බ්‍රතාන්‍යයේ GSP බදු සහනය දිගට ම

බ්‍රිතාන්‍යය මේ වසරේ අග සිට යුරෝපා සංගමෙයේ වෙළෙඳ බැදීම් වලින් ඉවත් වුව ද , ශ්‍රී ලංකාවට හා වෙනත් රටවලට යුරෝපා සංගමයෙන් ලබාදී තිබු GSP + බදු  සහනය දිගට ම ලබාදෙන බව බ්‍රතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව

 ප්‍රකාශ කොට ඇත . කියවන්න...

ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2020/11/13122330/H-Launch-ICU-beds-e1605240273594.jpeg

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගම එකඟතාවය පළ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් සිදුකරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගයේ පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පහසුකම් සපයමින් එකී පරීක්‍ෂණ සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක් දක්වා අඩුකරගැනීමට අවස්ථාව සලසන ලදී. කියවන්න...