බැංකු, මුල්‍ය ආයතන ණය සහන ගැන මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

කොව්ඩ් 19 නිසා ණය ගෙවාගැනීමට නොහැකි ගනුදෙනුකරුවන් සඳහා බැංකු සහ මුල්‍ය ආයතන සහන ලබාදිය යුතු ආකාරය ගැන ශ්‍රී ලංකා මහා බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබා දී තිබේ .

ඒ අනුව අදාල සහන සඳහා නොවැම්බර් 30 ට පෙර ඉල්ලුම් කළ යුතු ය. කියවන්න...

බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි

කොවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ආර්ථික පසු බැස්මෙන් අපහසුතාවයට පත්ව සිටින බැංකු සහ මුල්‍ය ආයතන ණයකරුවන්ට ලබා දී තිබු මාස හයක සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත.

ඒ අනුව බැංකු ණය සහ පොලිය අය කර ගැනීම තවදුරටත් අත්හිටුවා  ඇත. එම ණය සහන කාලය ලබන  වසරේ මාර්තු 31 දින දක්වා බල පවත්වනු ඇත. කියවන්න...

සඳුදා සිට බස්නාහිර පළාතේ නිවසේ සිට වැඩ – ජනාධිපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය බස්නාහිර පළාතේ යලි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්

 පී බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන වලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ. කියවන්න...

පෝට් සිටි , බී ඕ අයි, විදුලි සංදේශ කොමිසම ඇතුළු ආයතන 13ක් ජනාධිපති පවරාගනී

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන 13ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගෙන ඇත .  ඒසඳහා වන ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කළ බව වාර්තා වෙයි.

අගෝස්තු මාසයේ අමාත්‍යාංශවලට අයිති ආයතන පිලිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය මගීන් මෙම ආයතන කිසිදු අමාත්‍යංශයකට පවරා නොතිබිණි. කියවන්න...

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.
 
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය. කියවන්න...

කොළඹ සැහැල්ලු දුම්රිය සේවා ඉදිකිරීම නවතා දමයි

කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු සැහැල්ලු දුම්රිය සේවයේ ඉදිකිරීම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ එය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකමිනි. එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව ද ආණ්ඩුව කියයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉතා ඉහළයි : ශ්‍රේණිය පහත දමමින් මුඩි ආයෝජන සේවාව කියයි

ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මුඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී තිබු ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ  රටක් ලෙස වර්ගීකරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහල දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ. කියවන්න...

ගිවිසුම් ගත පරිදි වරාය ජැටිය , සාම්පුර් බලාගාරය ඉන්දියාවට ඉක්මනින් දෙන්න ; ඩොලර් මිලියන 1000 ණයට ඉන්දීය අගමැති මොදිගෙන් කොන්දේසි

දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සහ සාම්පුර් හි විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉක්මන් සහ ස්ථිර තීරණ ගෙන ඉන්දියාව දැනුවත් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රී ලනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. දෙදෙනා අතර අද පැවති අන්තර් ජාල සාකච්ඡාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන 1000 ක ණය මුදල සහ මෙතෙක් ගෙන ඇති ණය අයකරගැනීම අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ. කියවන්න...

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විපක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පර්ලිමෙන්තුවට ඊයේ දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තුනතුර විපක්ෂයට ලැබිය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ. කියවන්න...

සියලු සැලසුම් අවසන් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දමන්නයි ජනපති නියෝග කරයි

සියලු සැලසුම් අවසන් කොට ජපානයෙන් සහන ණය ද අනුමත කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත. මේ බව සැප්තම්බර් 21 දාතම දරන ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නාගකික සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මෙය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකා එය නවතා දැමු බව කියති. කියවන්න...