ඩොලරය රුපියල් 317 ට බසී

රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද උදෑසන ඇමෙරිකානු ඩොලරය රුපියල් 317.10/40 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි.
අවසන් ගනුදෙනු දිනය වූ බදාදා සවස එය හුවමාරු වුයේ රුපියල් 318.10/40 අගයකට ය.
ආර්ථීකය සරලව
රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද උදෑසන ඇමෙරිකානු ඩොලරය රුපියල් 317.10/40 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි.
අවසන් ගනුදෙනු දිනය වූ බදාදා සවස එය හුවමාරු වුයේ රුපියල් 318.10/40 අගයකට ය.
ශ්‍රී ලංකාවේ 2023 සංචාරක ආදායම පෙර වසරේ ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 2.1 දක්වා සියයට 80 කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.
2022 දී විරෝධතා-ප්‍රමුඛ දේශපාලන අර්බුදයෙන් පසු පැමිණීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති හෙයින් ආදායම 2023 දෙසැම්බර් මාසයේදී පෙර වසරේ පැවති ඩොලර් මිලියන 127.3 සිට ඩොලර් මිලියන 269.3 දක්වා දෙගුණයකට වඩා වැඩි විය.
විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති ගණනය කිරීම් අනුව සියයට නවයක ගාස්තු අඩු කිරීමක් යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වන ලංවිම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත ලබන සතියේ අග වන විට ලබාදිය හැකි බව ද විදුලි බල මණ්ඩලය කියයි.
සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට රුපියල් බිලියනයක ආයෝජනයකින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
කොවිඩ් -19 වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇණහිට තිබු බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
තවත් පවුල් ලක්ෂ දහයකට අස්වැසුම දෙන්න මුදල් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනේ රාජ්‍ය සේවකයින් සමග පැවති රැස්වීමක දී ප්‍රකාශ කළේ ය. උතුරේ දිළිඳු ජනයාට එම සහනාධාරය ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙස එතුමා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
අස්වැසුම මගින් දිළිඳු ජනයාට ලැබෙන මුදල පෙර මෙන් තුන් ගුණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කීවේ පවුල් ලක්ෂ 24 කට අස්වැසුම දීමට මුදල් වෙන්කර ඇතත්, තවමත් ලබා දී ඇත්තේ ලක්ෂ 14 කට බව යි. ප්‍රතිලාභින් හඳුනාගැනීමේ දී දකුණේ ඇතැම් ප්‍රශ්න මතුවීම මෙම තත්ත්වයට හේතු වූ බව කී ජනාධිපතිතුමා එබදු ප්‍රශ්න නැති උතුරේ දී ජනයාට සහන ඉක්මනින් ලබාදිය හැකි බව යි.
වාහන ආනයනයට පනවා ඇති සීමා ඇතුළු සියලු ආනයන සීමා ක්‍රමානුකුලව ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
ආනයන සීමා මගින් ආර්ථිකයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් ඉවත් කිරීමත්, රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීමත්, රුපියල පමණට වඩා අධි ප්‍රමාණ වීම වළකා ගැනීමත් සඳහා මෙලෙස ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කොට ඇත.
J
ආසිරි පෝට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම විසින් කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.3 ක් හෙවත් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහ බැංකුව මෙම වසර තුළ ඩොලර් මිලියන 1900 ක් වෙළෙඳ පොලෙන් මිල දී ගෙන ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ ලෝක බැංකුව වැනි ආයතනවලින් ලැබුණු මුදල් ද සංචිත ගොඩ නැගීම සඳහා භාවිතා කොට ඇත.
රට ගොඩ ගැනීමට අවශ්‍ය අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් බවත්, ඉදිරියේ දී ජනතාවට සහන සැලසීමට ක්‍රියා කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
අද ( ජනවාරි 1 ) දින සවස් වන විට ඩොලරයේ අගය මද වශයෙන් පහළ ගොස් ඩොලරයට රුපියල් 322.20/40 ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා එය සටහන් වුයේ 323.90 /324.00 වශයෙනි.