මෙගාවොට් 300ක ස්වභාවික වායු විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිවෙයි

මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුතු ස්වභාවික වායු විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේ ය. විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඒ සඳහා ඉදිරිපත් කොට තිබු යෝජනාව අනුමත වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇත. කියවන්න...

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5 ක පසුබැස්මක් සිදුවිය හැකියි – ආසියානු සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5ක පසුබැස්මක් මේ වසරේ දී සිදුවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වර්තාවක සදහන් කොට ඇත .කලාපයේ රටවල ආර්ථීකයේ තත්ත්වය සම්බන්ධයෙ නිකුත් කළ නවතම පුරෝකථන වර්තාවේ මේ බව සඳහන් වෙයි.

මේ අතර ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆස්ට් කැප්ටල් ආයතනය කියන්නේ ආර්ථික පසුබැස්ම සියයට 5,8 ක් වියහැකි බවයි. එම වාර්තාව ද ඊයේ නිකුත් වීය. කියවන්න...

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

  තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස ඉදිකිරීම එලෙස ආරම්භ කළ බවයි. කියවන්න...

කොළඹ කොටුවේ ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් වෙයි

කොළඹ කොටුවේ ඇති ඉතා පැරණි ඉදිකිරීමක් වන  ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් සුපිරි හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇත.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ සහ නවීකරණය දැනටමත් ආරම්භ කොට ඇති බවත් එම කටයුතු වසර එකහමාරකින් අවසන් වනු ඇති බවත් නාගරික සංවර්ධන සහ වෙරල සංරක්ෂණ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. කියවන්න...

රන් මිල පහළ දාන්න ‘මැණික් සහ ස්වර්ණාභරණ’ බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය. කියවන්න...

විදෙස් සංචාර බෑ : අලුත් ගොඩනැගිලි බෑ – භාණ්ඩාර ලේකම්ගෙන් රාජ්‍ය ආයතනවලට ‘විශේෂ නියෝග’ දෙකක්

සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා, ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර පාඨමාලා නැවත සැලසුම් කර ඒ අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බවත් රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා නියෝග කර ඇත. කියවන්න...

ශ්‍රී ලංකාවට රාජ්‍ය කේන්ද්‍රීය නව සංවර්ධන මොඩලයක් – මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන්

ශ්‍රී ලංකාව රාජ්‍ය කේන්ද්‍රීය සහ රජයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නව සංවර්ධන මොඩලයක් වෙත යොමුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් මහතා ප්‍රකාශ කළේ ය. සියලු දෙන සහභාගී කරගන්නා  සහ  ප්‍රතිලාභ බෙදීයන මෙම සංවර්ධන මොඩලය  ශ්‍රී ලංකාවට සුවිශේෂී වුවක් වන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් අද පැවති රැස්වීමට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. කියවන්න...

බිලියන 6 ක වියදමින් කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් තුනක්

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ග ඉහලින් ගුවන් පාලම තුනක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

රුපියල් බිලියන හයක වියදමින් ඉදිවන මෙම ගුවන් පාලම් සදහා දේශීය ව්‍යයසායකයින්ගෙන් ටෙන්ඩර් කැඳවීමට ඉක්මනින් ම පියවර ගන්න බව ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි . කියවන්න...

මේ වසරේ ණය ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ; ලබන වසරට අලුත් ණය සැලසුමක් – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට කිසිදු ප්‍රශනයක් නැති බවත් , ලබන වසරේ ණය ගෙවීමට අලුත් ණය සැලැස්මක් අවශ්‍ය බවත් මහ බැංකුවේ නියෝජය අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියන පරිදි මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 2.5 ක මුදලකි . එය ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමේ හැකියාවක් මේ මොහොතේ නැත. කල් පිරෙන ඩොලර් බැඳුම්කර අලුතින් නිකුත්කිරීමේ හැකියාවක් ද නැත. එසේ වුව ද මහා බැංකුව සතුව ඩොලර් බිලියන 7.2 ක සංචිත ඇත. එබැවින් මෙම වසරේ ණය ගෙවීම කළ හැකි ය. කියවන්න...

සේවා සමාගම කුමක් වුවත් පාරිභෝගිකයාට එකම දුරකථන අංකයක්

දුරකථන සේවා ලබාදෙන සමාගම වෙනස් වුවත් පාරිභෝගිකයාට එක ම දුරකථන අංකයක් භාවිත කළ හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පියවර ගනිමින් සිටියි.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග තම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවෙයි. කියවන්න...