ලීසිං සමාගම්වල නීති විරෝධී අත්කරගැනීම් වළක්වන්න -ජනපතිගෙන් පොලීසියට නියෝග

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට වර්තමානයේ  ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. 

ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත. කියවන්න...

සංචාරක හෝටල් සේවක වැටුප් ගෙවන්න සහන බැංකු ණය

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු සංචාරක හෝටල්වල සේවක වැටුප් ගෙවීමට සියයට 4 ක සහන පොලියක් යටතේ බැංකු ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ණය ගෙවීම සඳහා හෝටල් හිමියන්ට වසර දෙකක සහන කාලයක් ද හිමිවනු ඇත. කියවන්න...

ලබන මස සිට බස් ගාස්තු ගෙවන්න පෙර ගෙවුම් කාඩ් පතක්

බස් රථවල ගමන් කරන විට මුදල් ගෙවා ටිකට් පත් ලබාගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ් පතකින් ගෙවීම් කිරීමේ පහසුව ලබන මස අග සිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි .

මෙම වැඩ පිළිවෙල වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කියවන්න...

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – මහ බැංකු අධිපති

adstudio.cloud

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි

ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමිවී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් පදනේ විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි. කියවන්න...

ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා , එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය

ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.

අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැ‍යි සිතමු.  ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා  දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව  වෙනස් ආස්ථානයක්  ගෙන ඇත . කියවන්න...

ආර්ථික පසුබැස්ම තාවකාලිකයි – භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල

කොවිඩ් 19 නිසා ඇති වී තිබෙන ආර්ථික පසුබැස්ම තාවකාලික බවත් , මේ වසරේ ඉදිරි කාලය තුළ ආර්ථිකය වර්ධනය වීම ආරම්භ වනු ඇති බවත් භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කරයි .

ඒ මහතා කියන්නේ මේ වසරේ තුන්වන සහ හතරවන කාර්තුවල දී ආර්ථීකය සියයට 2.5 – 3.0 ප්‍රමාණවලින් වර්ධනය වීමට පටන්ගනු ඇති බවයි. කියවන්න...

මහා බැංකුවේ මුල්‍ය උපදේශක මණ්ඩලය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයට අලුතින් සාමාජිකයින් අට දෙනකු පත්කොට තිබේ.

එහි සභාපති ලෙස කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේය්රත්න මහතාගේ තනතුරේ වෙනසක් සිදුකොට නැත . ඒ මහතා තව දුරටත් මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි. කියවන්න...

මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට  මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය. කියවන්න...

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයෝ ආපසු යති

දකුණු කොරියාවේ සේවයේ යෙදී සිට කොවිඩ් 19 පැතිරීමත් සමග දිවයිනට පැමිණ සිටි ශ්‍රී ලාංකික සේවකයන් ආපසු යාමට පටන්ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ අතරින් 160 ක් වූ පළමු පිරිස මියන්මාර් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ මත්තල ගුවන් තොටුපලින් පිටත්ව ගියේ ය. එබඳු තවත් ගුවන් ගමන් සංවිධානය කරමින් තිබෙන බව නිල ආරංචි මාර්ග කියයි. කියවන්න...

විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ හෝටල් අගෝස්තු 1 දා සිට ඇරේ !

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා  ගුවන්තොටුපොළ විවෘත කිරීම අගෝස්තු 1දා සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි  හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට ද එදින සිට අවසර ලබාදෙන බව නිවේදනය කොට ඇත.

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොකළ නවාතැන් පොළවල් හා ආපන ශාලා සඳහා අවසර ලබාදීම පසු අවස්ථාවක සිදු කරන බව කියති. කියවන්න...