කොළඹ කොටස් වෙළෙඳපොළ – සියලු කොටස් මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.

දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.393.54ක් ලෙස දැක්විණි. පෙර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.367ක් ලෙස දැක්වුණු අතර ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිවීම සියයට 0.60කි. කියවන්න...

මහ බැංකුව බැංකු පොලි අනුපාත තව දුරටත් පහත හෙළයි

adstudio.cloud

උද්ධමන පීඩා අඩුවෙන් පවතින වත්මන්  වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. කියවන්න...

ආර්ථිකය ගොඩනගන්න වාණිජ මණ්ඩලයෙන් රජයට යෝජනාවලියක්

කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික පොදු දැක්මක් පිළිබඳ යෝජනාවලියක්, ආර්ථික ප්‍රතිසාධන උපාය මාර්ග මාලාවක් සහ ආර්ථික උත්තේජක පැකේජයක් ලෙස ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියේ මෙසේද සඳහන් වේ. කියවන්න...

හදිසි ණයක් ගන්න ආණ්ඩුව මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක

කොරෝනා වෛරස් ආර්ථික අර්බුදයට මෙන්ම විදේශ ණය ගෙවීමේ අර්බුදයකට ද මුහුණ දී සිටින ආණ්ඩුව හදිසි  ආපදා ණය මුදලක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක ගැලපුම් ණය ක්‍රමය මෙම රජය බලයට පත්වීමෙන් පසුව අතහැර දමා  තිබුණි. එම පහසුකම හදිසි ණය සහනයකට පරිවර්තනය කොට නැවත ලබාදෙන ලෙස රජය පසුගිය දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලීමක් කොට ඇත. කියවන්න...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගමනාන්ත 27 කට භාණ්ඩ ප්‍රවාහන සේවා

ලොව පුරා ගමනාන්ත 27 කට භාණ්ඩ ප්‍රවාහන සේවා ඇරඹීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කොට ඇත. සමාගම සතුව ඇති මගී ගුවන් යානා  උපයෝගී කරගෙන මෙම ගුවන් සේවා ලබන 18 දා සිට ක්‍රියාත්මක කරන බව සමාගම නිවේදනය කොට ඇත.

යුරෝපයේ ලන්ඩන් හා ප්‍රෑන්ක්ෆර්ට්, චීනයේ බෙයිජිං , ෂැන්හයි, හා ගුඅන්ශෝව් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පුරුව හා ජපානයට මෙන් ම කලාපීය රටවල් රැසකට ද මෙම ගුවන් සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කොට ඇත. කියවන්න...

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දින සටහන් විය. කියවන්න...

කොරෝනාවෙන් වැටෙන ආර්ථිකය කෘෂිකර්මයෙන් ගොඩ ගන්න බෑ – මහාචාර්ය සිරිමල් අබේරත්න

කොවිඩ් 19 වසංගතය නිසා ඇතිවන ආර්ථික පසුබෑම තුළ දේශීය කෘෂිකර්මය නැංවීමට උනන්දුවක් ඇතිවීම හොද දෙයක් වුව ද කෘෂිකර්මය තුලින් ආර්ථිකය ගොඩ ගත නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කෙළේය.

අප රටේ දල දේශීය නිෂ්පාධිතයට කෘෂිකර්මයේ  දායකත්වය සියයට අටක් පමණක් බවත් එයට තේ , පොල් ,රබර් ඇතුළු වාණිජ කෘෂිකර්මයද ඇතුලත් බවත් කී අබේරත්න මහතා අප කොතරම් උත්සහ කළ ද ,එම ප්‍රතිශතය විශාල ලෙස වැඩිකළ නොහැකි බව ද පැවසීය. කියවන්න...

සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

කොරෝනා වයිරසයෙන් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මූල්‍ය ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ට ණය සහ  4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

එහි අවසාන දිනය අප්‍රේල් මස 30 ලබා දී තිබිණි. එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

අප්‍රේල් 28 වැනිදා නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මඟින් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇත. 

සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද රජය දැනුම් දෙයි. කියවන්න...

රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී. අලුත් මිල ගණන් මෙන්න

ක්සත් ජනපද ඩොලරයට සහ ජපන් යෙන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථවල මිල ගණන් 15%කින් පමණ මිල ඉහළ ගොස් තිබෙන බව වාහන ආනයනකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතාගෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඔහු පැවසුවේ, ඩොලරයේ හා යෙන්වල වටිනාකම ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන රු. ලක්ෂ 35ට අඩු මෝටර් රථවල මිල ගණන් පවා මේ වන විට එම සීමාව ඉක්මවා යාම හේතුවෙන් සුඛෝපභෝගී බද්දට යටත්ව ඇති බවයි. කියවන්න...