විදෙස් සංචාරකයෝ ඉලක්කය ළඟට ම එති

2023 වසරේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලක්ෂ 15 ක ඉලක්කය ආසන්නයට ම පැමිණෙමින් වසර තුළ සංචාරකයින් 1,487,303 ක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
එය ඉලක්කයට වඩා 12,697 කින් අඩු සංඛ්‍යාවකි.
ආර්ථීකය සරලව
2023 වසරේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලක්ෂ 15 ක ඉලක්කය ආසන්නයට ම පැමිණෙමින් වසර තුළ සංචාරකයින් 1,487,303 ක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
එය ඉලක්කයට වඩා 12,697 කින් අඩු සංඛ්‍යාවකි.
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව රජයේ එදිනෙදා පුනරාවර්තන වියදම්වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් සපුරාලීමට රජයේ බදු ආදායම් මෙවර සමත් වී තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඒ අනුව දශක දෙකහමාරකට පසුව, රුපියල් බිලියන 52ක ප්‍රාථමික ගිණුමේ ඉතිරියක් වාර්තා කිරීමට ද හැකියාව ලැබී ඇත.
වසර 2023 රජයේ සමස්ත ආදායම් ප්‍රශස්ත ලෙස ඉහළ යෑම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ජේ.ගුණසිරි මහතා, වසර 2023 දී රුපියල් බිලියන 2752ක බදු ආදායමකුත්, රුපියල් බිලියන 363 බදු නොවන හා ප්‍රධාන ලෙස ලැබූ ආදායමකුත් ලෙස රුපියල් 3115ක සමස්ත ආදායමක් ලබා ගෙන ඇතැයි පැවැසීය.
ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4%කර්මාන්ත – 15.2%සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා.ඔහොම තිබුණු ලංකාවේ ආර්ථිකයේ ආකෘතිය ටිකෙන් ටික වෙනස් වෙලා 2018 වන විට පැවති තත්ත්වය තමයි පහත තියෙන්නේ. කෘෂිකර්මය – 7.6%කර්මාන්ත – 30.1%සේවා – 53.7% මේ සංසන්දනය සඳහා 2018 වර්ෂය තෝරා ගත්තේ මෙතෙක් ලංකාවේ ආර්ථිකය වඩාත්ම විශාල මට්ටමක තිබුණේ ඒ අවුරුද්දේ නිසා. ඉන් පසුව ආර්ථිකය හැකිළුණු නිසා දැන් රටේ ආර්ථිකය ඊට වඩා තරමක් පොඩියි. ඒ වගේම, 2018 ඉහත ප්‍රතිශත තුනේ එකතුව 100%ක් නොවන්නේ නිෂ්පාදන මත අය කළ ශුද්ධ බදු (බදු – සහනාධාර) වෙනම ගණනය කර තිබෙන නිසා. මුල් කාලයේදී ඇස්තමේන්තු හදද්දී එවැන්නක් සිදු වුනේ නැහැ.මෙහිදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ පංගුවක් ලෙස කෘෂිකාර්මික අංශය හැකිලීම දෙසයි. 1958දී 48.4%ක් වූ මෙම පංගුව 2018 වන විට 7.6% දක්වා කුඩා වෙනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති තුළ කෘෂිකාර්මික අංශයට කුඩම්මාගේ සැලකිලි ලැබිලද? රටක ආර්ථිකය වර්ධනය වෙද්දී දදේනියේ කෘෂිකාර්මික පංගුව ටිකෙන් ටික අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම හොඳ තත්ත්වයක්. මතක තියා ගන්න මේ කතා කරන්නේ ආර්ථිකයේ කෘෂිකාර්මික පංගුව අඩු වීම ගැන මිසක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වීම ගැන නොවන බව. පැහැදිලි ලෙසම ඒ දෙක දෙකක්.කෘෂිකාර්මික පංගුව මේ විදිහට අඩු වී තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වන අතරම, කර්මාන්ත හා සේවා අංශයේ නිෂ්පාදිත ඊට වඩා ගොඩක් වේගයෙන් වර්ධනය වී ඇති නිසා මිසක් කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වී ඇති නිසා නෙමෙයි. රටක සමස්ත නිෂ්පාදිතයෙන් බාගයක්ම කෘෂිකර්මයනම් දළ ප්‍රකාශයක් ලෙස එයින් අදහස් වන්නේ රටේ සම්පත් වලින් බාගයක්ම යොදවා තියෙන්නේ කන බොන ටික හදාගන්න කියන එකයි. අනෙක් හැම අවශ්‍යතාවක් වෙනුවෙන්ම වෙන් වෙන්නේ ඉතිරි බාගය. ඒ කියන්නේ, රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලුවොත් කන බොන එක ඇරෙන්න වෙන කරන දේවල් ඉතා සීමිතයි.
මේ පංගුව 7.6% දක්වා අඩු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදිතයෙන් 92.4%ක්ම වෙනත් භාණ්ඩ හා සේවා කියන එක. ඒ කියන්නේ රටේ මිනිස්සු කන බොන එකට අමතරව තවත් ගොඩක් දේවල් කරනවා. එහෙම කරන්න පුළුවන් ආදායමක් ඔවුන්ට ලැබෙනවා. ඇමරිකාවේ දදේනිය ඇතුලෙ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව 1.1%ක් පමණයි. එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කෘෂිකර්මය නොසලකා හැරලා කියන එක නෙමෙයි. ඇමරිකාවේ ලෝකයේ ලොකුම කෘෂිකාර්මික රටක්. නමුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය වගේ 90 ගුණයක පමණ සමස්ත නිෂ්පාදිතයක් රට ඇතුළේ සිදු වෙනවා. ඒ හරහා රටේ මිනිස්සුන්ට ආදායම් ලැබෙනවා. ඒ නිසාම, සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස ගොඩක් කුඩා කොටසක්.
තිරසාර කටුපොල් වගාව තුළින් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය වෙනසකට ලක් කිරීම
ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම අගය ඔක්තෝබර් මස සටහන්ව තිබුණේ සියයට 1 ක් වශයෙනි.
මෙම උද්ධමනය අගයට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්වා තිබේ .
එස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු වරට සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් SkyUp ගුවන් සේවයට අයත් U5-9394 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 11.50 ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය.
මෙම ගුවන් යානයෙන් සංචාරකයින් 117 දෙනෙකු පැමිණි අතර ඔවුන් ඉතා උත්සවාකාරයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබීය. එම අවස්ථාවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද එක් වී සිටියේය.
පසුගිය ජුනි මාසයේදී මුලින් අනුමත කරන ලද ඩොලර් මිලියන 500 ක් වූ ණය මුදලින් ඩොලර් මිලියන 250 ක අයවැය ආධාරක ණයක් ශ්‍රී ලංකාවට නිකුත් කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කොට ඇත.
ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් ඇති බවත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, බැංකු (විශේෂ විධිවිධාන) පනත සම්මත කිරීමත් පිලිබඳ ප්‍රගතිය තක්සේරු කිරීමෙන් පසු ණය මුදලේ දෙවන වාරිකය නිකුත් කරනු ඇති බව ද ලෝක බැංකුව කියයි.
2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත.
ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ.
ශ්රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු ප්‍රමාණයක් බව IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුව අමතා ප්‍රකශ කළේය.
ශ්රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.
ධාරිතාව: මෙගාවොට් 700 (MW) සූර්ය බලශක්තිය