ආර්ථීකය සරලව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත.
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 35වෙනි වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මෙම මස 08 සහ 09 දෙදින
කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ සහ පුහුණු ආයතනයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා කෘෂිකර්මාන්තයේ පරිනාමය කිරීම මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව එම සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ පැවසූහ.
කොළඹ 07 පිහිටි වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ශ්‍රවණාගාරයේ ඊයේ (06) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කෙසේ සිදුකළ යුතු දැයි මැයෙන් තම සංගමයේ ආර්ථික විද්‍යාඥයින් ප්‍රධාන විද්වත්හු විසින් සිදුකළ පර්යේෂණ වාර්තා 24ක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.
වසර 2025දී මෙරට කර්මාන්ත අංශය දියුණු කරන ආකාරයත් වසර 2026දී මෙරට සේවා අංශය දියුණු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා වට පැවැත්වීමට සැලසුම් කොට ඇතැයිද උන්වහන්සේ කීහ.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ලෝක බැකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥ ජෝන් කීසර් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වන අතර ගෞරවනීය ආරාධිතයා වනුයේ සීමාසහිත සණස රක්ෂණ සමාගමේ සභාපති පී.ඒ කිරිවන්දෙණිය බවද උන්වහන්සේ පැවසූහ.
මෙම සම්මන්ත්‍රණයේ කතිකා කරණ මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා වූ යෝජනා සහ වැඩ පිළිවෙල ඉදිරියේදී සාරවත් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වේ. එය මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ට සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන පිරිසට පරිශීලනය කොට ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් රටේ ඇති කිරීමට භාවිතා කළ හැකිය.
පළාත් පාලන ආයතන විසින් මධ්‍යම රජයේ බදු මුදල් ලබා ගැනීමකින් තොරව තම ආයතනය පවත්වා ගැනීමට නව ආකාරයෙන් සිතා බදු ආදායම එක් රැස් කිරීම සම්බන්ධයෙන් නිර්මාණාත්මකව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ මහා ලේකම් ආචාර්ය මාරිංග සුමනදාස සඳහන් කළේය.
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.
මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී අලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව සමග ඇති කරගත් එකඟතාවය අනුව ණය සඳහා පොලිය අඩු කිරීම සහ ගෙවීමට දෙන කාලය දීර්ඝ කිරීම යන ප්‍රතිකර්ම දෙක ප්‍රධාන වන බව ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග කියයි.
පැරිස් සමාජයේ රටවල් , ඉන්දියාව සහ හංගේරියාව ඇතුලත් නිල ණය හිමි කමිටුවේ මෙම එකඟතාව ඊයේ ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ, මෙම කණ්ඩායමේ ප්‍රතිව්‍යුහගත කරණයට ලක්වන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 කි.
ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා
. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි. දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත.
කෙසේ වෙතත්, එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
Amber Adventure සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වේ.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023, අද (28) පස්වරුවේ දී ආරම්භ වීමට නියමිතය.
අද (28) දින ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023 හි සමාරම්භක සැසිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක්වීමට නියමිත අතර සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය සැලසුම් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති Montek Singh Ahluwalia මහතා සිදුකිරීමට නියමිතය. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සමුළුවේ පිළිගැනීමේ කතාව පවත්වනු ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, James Finlay Kenya තේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. ඊට අදාළ ගිවිසුම් ඊයේ (27) දින හුවමාරු කර ඇත.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන B Commodities ME FZE UAE විසින් 2023 මැයි 03 දින ස්කොට්ලන්ත ලියාපදිංචියක් සහිත සමාගමක් වන James Finlay Limited සමඟ ගිවිසුමකට එළඹුනි. ඒ James Finlay (Kenya) Limited 85% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම වෙනුවෙනි.