සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා - ජනපති

    සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි. කියවන්න...

ශ්‍රී ලන්කන් ගන්න එමිරේට්ස්, එටිහාට් , අදානී ඇතුළු ආයෝජකයෝ 16 ක් කැමැත්තෙන්

දිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීමට එමිරේට්ස්, එටිහාට්, සහ අදානී සමුහය ඇතුළු ආයෝජකයින් 16 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

මෙම දහසය දෙනා දෙවන වටයේ ඇගයීමේ දී සුදුසුකම් ලබා ඇත. කියවන්න...

අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර්  මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි

.මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි. කියවන්න...

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනිමට සමත්ව ඇත. මෙහිදී වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් අත් කර ගැනීමයි. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනයන්හි මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි. කියවන්න...

රට ගිය වෛද්‍යවරුන් ආපසු එන්න පටන අරන් – සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල

සෞඛ්‍ය සේවකයින් රට යාමේ අඩුවීමක්

ආර්ථික අර්බුද සමයේ වැඩි වී තිබු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් විදේශ ගත් වීමේ ප්‍රවනතාව මේ වන විට අඩු වීමක් පෙන්නුම් කරන බවත්, විදේශ ගතව සිටි විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවා කාල අවසන් කරමින් නැවත මෙරටට පැමිණීමට පටන්ගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් දොස්තර පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ බුද්ධි ගලනය සෞඛ්‍ය සේවයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බව යි. කියවන්න...

මහ බැංකුවෙන් පෙරළිකාර තීරණයක්. පොලී තවදුරටත් අඩුකරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) දින පවත්වන ලදී.

මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළේය

චීන ණය ගිවිසුම් කොන්දේසි පැරිස් සමාජයට දැනුම් දෙයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව පැරිස් සමාජය ඇතුළු අනෙකුත් ණය හිමියන් දැනුවත් කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

එම ණය  හිමියන් චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අධ්‍යයනය කොට තීරණයකට එලබෙනු ඇතැයි කියති. කියවන්න...

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සියයට 3.3 ක ආර්ථික වර්ධනයක් – ෆිච්ට් රේටින්ග්ස් කියයි

ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 3.3 ක වර්ධනයක් සිදුවනු ඇතැයි යන්න තම පුරෝකථනය බව ලෝක ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච්ට් රේටින්ග් ආයතනය කියයි .

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එම ආයතනය නිකුත් කළ වාර්තාවේ එය මෙලෙස සටහන් කර ඇත. කියවන්න...

ලෝකයේ ග්‍රෆින් මුළු වෙළෙඳාම ඩොලර් මිලියන 200 යි ; ලංකාවේ මිනිරන් එයට ගන්නෙත් නැහැ – ව්‍යාපාරික ධම්මික පෙරේරා

ග්‍රෆින් සඳහා ලෝකයේ ඇති සමස්ත වෙළෙඳපොළ ඩොලර් මිලියන 200 ක් බවත්, ග්‍රෆින් හදන සමාගම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් ලබා නොගන්නා බවත්, තමන් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ප්‍රකට ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විදේශීය සමගාමක් සතු , ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිනිරන් නිෂ්පාදන සමාගමක් මිල දී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ තමා කළ අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළි වූ බව ඒ මහතා කියයි. කියවන්න...

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.  කියවන්න...