ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බලගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී. ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සහ සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමෙහි තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද මහතා විසින් පසුගිය දා අත්සන් තබන ලදී.

මෙම උපාය මාර්ගික සහයෝගීතාවයේ ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දීම මඟින් මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාරවල ඉක්මන් වර්ධනයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ. කියවන්න...

අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මකයි – ෆිච් රේටිංග්ස් කියයි

ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වීමක් අපේක්ෂා කළ හැකි වුවද 2024 වසර සඳහා අයවැයෙන් දක්වා ඇති ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක වනු ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන Fitch Ratings පවසයි.

මෙවර අයවැයනේ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.1% ක් බවට ශ්‍රී ලංකාව කර ඇති ඇස්තමේන්තුව ඊට වඩා පුළුල් විය හැකි බව ෆිච් පෙන්වා දේ. ෆිච් රේටිංග්ස් පවසන්නේ ආදායම්/ද.දේ.නි. අනුපාතය උපකල්පනය කර ඇති මට්ටමට වඩා පහළ අගයයක් ගනු ඇති බවයි. කියවන්න...

2024 අයවැය පියවන්න බිලියන 3900 ක් ණය ගන්න හර්ෂගේ මුදල් කමිටුවේ අනුමැතිය

රුපියල් බිලියන 7833 ක් වියදම් කරන්න අවසර

2024 අයවැය පියවීම සඳහා රුපියල් බිලියන 3900 ක් ණය ලබා ගැනීමට රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබාදුන් බව එම කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ලබන වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5354 ක් බවත්, ප්‍රාග්ධන වියදම බිලියන 2473 ක් බවත් කී ඒ මහතා සමස්ත වියදම බිලියන 7833 බවත්,  එම වියදම් සඳහා ද රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබා දී ඇති බවත්, ප්‍රකාශ කළේය. කියවන්න...

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් අයිතිය විකුණයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (09) දිනයේ දී විකුණා දමන ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර තිබේ. කියවන්න...

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත. කියවන්න...

නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ටාජ් හෝටලයක්

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

“නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ තෙමෙන තැන්වලට බාල්දි තියලා තියෙන්නේ. ඒ අකර්මණ්‍ය වූ ඌන උපයෝජිත සම්පත ඵලදායීව ඉදිරිපත් කරන්න යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. ටාජ් සමුද්‍රා හෝටලය, සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයින් වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයත් නුවර එළිය. විශේෂයෙන් ඉන්දියන් සංචාරකයෝ සීතාඑළිය හරහා එන ප්‍රදේශයට ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්.“ කියවන්න...

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල ~ ඉකොනොමැට්ටා

sharethis sharing button

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි.

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. කියවන්න...

ප්‍රතිසංස්කරණ රැසක් ; අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන්නත් සුදානම් !

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. කියවන්න...

ලංවිම, ශ්‍රී ලන්කන් හරහා ඉන්දියානු ණය ගෙවන්න රුපියල් කොටි 231 ක් අනුමතයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය කොටසක් ගෙවා එම මුදලින් ම ඉන්දියානු ණය ගෙවීම සඳහා රුපියල් කොටි 231 ක් ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙයි

ඒ සඳහා රුපියල් බිලියන 231.5 ක අමතර වියදම් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව නිවේදනය කොට තිබේ. කියවන්න...

සියැට් කැලණි ටයර් 25 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බව ද පැවසීය. කියවන්න...